පාර්ලිමේන්තුවේත්, ඉන් පිටතත් ශක්තිමත් විපක්ෂයක් ගොඩනඟා ජනතාවගේ ගැටලු ආණ්ඩුවේ අවධානයට යොමු කිරීමට සැවොම පෙළ ගැසෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීමක් කරන ලදි.
විපක්ෂ නායකවරයා මේ ඉල්ලීම කළේ විපක්ෂයේ පක්ෂ නායක හමුවක් පාර්ලිමේන්තුවේදී පැවැති අවස්ථාවේදීය.
එහිදී විපක්ෂ නායකවරයා මෙලෙස ද අදහස් පළ කළේය.
“වඩාත් ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමට සැවොම එක් විය යුතුයි. ආණ්ඩුවේ යහපත් දේට සහාය දෙනවා සේම රටට, ජනතාවට හානියක් වන ඕනෑම අවස්ථාවක ඊට එරෙහිව ජනතාව වෙනුවෙන් නැඟී සිටිය යුතුයි.”
මේ අවස්ථාවට අනුරාධ ජයරත්න, ශානක්‍යන් රාසමාණික්කම්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, ගයන්ත කරුණාතිලක, ජේ. සී. අලවතුවල, අජිත් පී. පෙරේරා, රවී කරුණානායක මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වූහ.
රක්ෂණ ශ්රියන්ත