Home » කල­කි­රී­මෙන් ඉන්නේ වැඩි­දුර දේශ­පා­ල­නය කරන්නේ නෑ – මන්ත්‍රී අර්චුනා

කල­කි­රී­මෙන් ඉන්නේ වැඩි­දුර දේශ­පා­ල­නය කරන්නේ නෑ – මන්ත්‍රී අර්චුනා

by Gayan Abeykoon
January 31, 2025 1:00 am 0 comment

දේශ­පා­ල­නය ගැන දැඩි කල­කි­රී­මක් පව­තින බැවින් වැඩි­දුර දේශ­පා­ල­නය කිරී­මට තමන්ගේ අද­හ­සක් නැති බවත් යාප­නය දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී රාම­නා­දන් අර්චුනා මහතා ඊයේ (30) පැව­සීය.

රියැ­දුරු බල­ප­ත්‍ර­යක් නොමැ­තිව මෝටර් රථ­යක් පද­ව­මින් අනු­රා­ධ­පුර කොට්ඨාස රථ­වා­හන අංශයේ  නිල­ධා­රීන්ගේ

රාජ­කා­රි­යට බාධා කර, සාප­රාධී බල­හ­ත්කා­රය පෑ බව කියන චෝදනා යටතේ පාර්ලි­මේන්තු මන්ත්‍රී රාම­නා­දන් අර්චුනා මහතා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කෙරිණි. එහිදී රුපි­යල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදා හැරී­මට අනු­රා­ධ­පුර ප්‍රධාන මහේ­ස්ත්‍රාත් නාලක සංජීව ජය­සූ­රිය මහතා නියෝග කළේය.

ඉන් අන­තු­රුව මාධ්‍ය­ව්දීන් නැඟු ප්‍රශ්න­ව­ලට පිළි­තුරු දෙමින් මන්ත්‍රී­ව­රයා මේ බව කියා සිටි­යේය.

දේශ­පා­ල­නය කිරී­මට තමන් කිසිම උපා­ධි­යක් කර නැති බවත් අවු­රුදු 38කින් ඡන්දෙ­වත් දමා නැති බවත් කී ඒ මහතා දේශ­පා­ල­න­යට ආවේ ජන­තාව වෙනු­වෙන් බවත් කීවේය.

දේශ­පා­ල­නය තමන් අකැ­මැ­තිම ක්ෂේත්‍ර­යක් බවත් එහි වැඩි­දු­ර­ටත් සිටී­මට අද­හ­සක් නොමැති බවත් හෙතෙම පැව­සු­වේය. ඉන්නා කාලෙ දී ජන­තාව වෙනු­වෙන් කෙළින් වැඩ කරන බව ද අර්චුනා මහතා වැඩි­දු­ර­ටත් කීවේය.

පොලී­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගත් මන්ත්‍රී­ව­රයා පෙරේදා (29) රාත්‍රී 9.50ට පමණ අනු­රා­ධ­පුර ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ව­ර­යාගේ නිල නි‍ෙව­සට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව මෙසේ ඇප නියම කෙරිණි.

සැක­කරු වෙනු­වෙන් අධි­ක­ර­ණ­යට කරුණු දක්ව­මින් නීතිඥ සුනන්ද තෙන්න­කෝන් මහතා පැව­සුවේ, සැක­කරු සම්බ­න්ධ­යෙන්  පොලී­සිය විසින් එල්ල කරන චෝදනා තරයේ ප්‍රති­ක්ෂේප කරන බවය.

සිද්ධි­යට අදාළ වැඩි­දුර මහේ­ස්ත්‍රාත්
පරී­ක්ෂ­ණය ලබන 03 වැනිදා යළි කැඳ­වී­මට නිය­මි­තය.

අනු­රා­ධ­පුර අධි­ක­රණ - උපාලි ආනන්ද සහ අනු­රා­ධ­පුර සංචා­රක - බී. ජී. චතු­රංග

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT