Home » මස්සිනා මැරුවැයි පිරි­වෙන් ගුරු­ව­ර­යාත් පියාත් අත්අ­ඩං­ගු­වට

මස්සිනා මැරුවැයි පිරි­වෙන් ගුරු­ව­ර­යාත් පියාත් අත්අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
January 31, 2025 1:00 am 0 comment

ඉත්තෑ­පාන සමූහ - ප්රේම­ති­ලක පෙර­මුණ, බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ, මීග­හ­තැන්න සමූහ

බදු­ර­ලිය පොලිස් වසමේ පුද්ග­ල­යකු කපා කොටා පහ­රදී ඝාත­නය කිරීම සම්බන්ධයෙන් සැක­ක­රු­වන් දෙදෙ­නකු පෙරේදා (29) රාත්‍රියේ අත්අ­ඩං­ගු­වට ගත් බව බදු­ර­ලිය පොලී­සිය පව­සයි.

මෙසේ ඝාත­න­යට ලක්ව ඇත්තේ බදු­ර­ලිය, මිණි­ක­න්දල ප්‍රදේ­ශයේ පදිංචි 33 හැවි­රිදි එස්. ශාන්ත කුමාර නමැති විවා­හ­ක­යකු බවත්, පහ­ර­දීම සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ ඝාත­න­යට ලක් වූ අයගේ මස්සිනා සහ මාම­ණ්ඩිය බවත් පොලීසිය පව­සයි.

මිය­ගිය අය නිර­තු­රුව බීම­තින් පැමිණ බිරි­යගේ පියාට පහ­රදී හිරි­හැර කිරීම සම්බ­න්ධ­යෙන් මස්සිනා උර­ණ­වී­මෙන් ආර­වු­ලක් ඇතිව තිබෙන බව පොලී­සිය සඳ­හන් කරයි.

ඝාත­න­යට ලක් වූ පුද්ග­ලයා පෙරේදා (29) දහ­වල් ඔහුගේ බිරි­යගේ පියාට බණි­මින් සිටින අව­ස්ථා­වේදී එම ස්ථාන­යට පැමිණි මාම­ණ්ඩිය හා බිරි­යගේ සහෝ­ද­ර­යකු යැයි කියන පිරි­වෙන් ගුරු­ව­ර­යකු මර­ණ­ක­රුට සහ ඔහුගේ බිරි­යට කිතුල් පොල්ල­කින් සහ මන්නා පිහි­ය­කින් පහර දී ඇතැයි හෙළිවී තිබෙන බව පොලී­සිය පව­සයි.

මෙම පහ­ර­දී­මෙන් පසු සැක­ක­රු­වන් විසින්ම තුවා­ල­ක­රු­වන්ව බදු­ර­ලිය රෝහ­ලට ඇතු­ළත් කර ඇත.

සිද්ධි­යට මැදි­හත්ව මිය­ගිය අයගේ බිරිය ද තුවාල ලබා ඇති අතර දෙදෙ­නාම බදු­ර­ලිය රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් පසු කළු­තර නාගොඩ රෝහ­ලට මාරු­කර යවා ඇතැයි ද, එහිදී සැමියා මිය­ගොස් ඇතැයි ද බදු­ර­ලිය පොලිස් අප­රාධ විම­ර්ශන අංශය පව­සයි.

36 හැවි­රිදි සැක­කාර පිරි­වෙන් ගුරු­ව­රයා සහ 72 හැවි­රිදි මොර­පි­ටිය ප්‍රදේ­ශයේ පදිංචි ඔහුගේ පියා පොලී­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. පහ­ර­දීම සඳහා යොදා­ග­ත්තැයි පැව­සෙන මන්නා පිහි­යක් සහ කිතුල් පොල්ලක් පොලිස් භාර­යට ගෙන ඇත.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් මතු­ගම උසා­වි­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබුණි. මිය­ගිය අයගේ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය ඊයේ (30) නාගොඩ රෝහලේ දී සිදු කිරී­මට නිය­මි­තව තිබිණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT