Tuesday, May 6, 2025
Home » දැරිය දූෂ­ණය කළැයි කියන ටැටූ මධ්‍ය­ස්ථා­න­යට මුද්‍රා

දැරිය දූෂ­ණය කළැයි කියන ටැටූ මධ්‍ය­ස්ථා­න­යට මුද්‍රා

චුදි­ත­යින් දෙදෙ­නෙක් අත්අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
January 31, 2025 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

යාප­නයේ නෙල්ලි­අඩි ප්‍රදේ­ශයේ පව­ත්වා­ගෙන ගිය පච්ච කොටන මධ්‍ය­ස්ථා­න­යක් (ටැටූ මධ්‍ය­ස්ථා­න­යක් ) තුළදී වයස අවු­රුදු 14ක දැරි­යක බල­හ­ත්කා­ර­යෙන් දූෂ­ණය වීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් මධ්‍ය­ස්ථා­න­යට පෙරේදා (29) මුද්‍රා තබා ඇත.

වඩ­මා­රච්චි නිරි­ත­දිග ප්‍රාදේ­ශීය සභාවේ මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන් විසින් මල්ලා­කම් අධි­ක­ර­ණයේ නියෝ­ග­යක් මත ඒ මධ්‍ය­ස්ථා­න­යට මුද්‍රා තබා තිබේ. දූෂ­ණ­යට ලක් වූ දැරිය පේදු­රු­තු­ඩුව රෝහ­ලට ඇතු­ළ­ත්කොට ඇය සම්බ­න්ධ­යෙන් පූර්ණ වෛද්‍ය වාර්තා­වක් ලබා­ගෙන එම වාර්තාව අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කරන ලෙසද අධි­ක­ර­ණ­යෙන් නියෝ­ග­යක් ලැබී තිබේ.

මෙම මධ්‍ය­ස්ථා­න­යෙන් පච්ච­යක් කෙටී­මට ගිය බාල­ව­ය­ස්කාර දැරි­යක පච්ච කොටන මධ්‍ය­ස්ථා­නයේ සේවය කළ තරු­ණ­යින් කීප දෙනකු විසින් දූෂ­ණය කිරීම නිසා ඒ පිළි­බ­ඳව නෙල්ලි­අඩි පොලී­සි­යට ලද පැමි­ණි­ල්ලක් මත සැක­ක­රු­වන් දෙදෙ­නකු මේ වන විට අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

එම සිද්ධියේ පරී­ක්ෂණ නිම­ව­න­තුරු අදාළ පච්ච කෙටීමේ මධ්‍ය­ස්ථා­න­යට මුද්‍රා තබා ඇත්තේ මහ­ජ­න­තා­ව­ගෙන් එම මධ්‍ය­ස්ථා­නය වෙත එල්ල වූ දැඩි විරෝ­ධය සැල­කි­ල්ලට ගැනී­මෙන් හා දැරිය දූෂ­ණය කිරීමේ සිද්ධි­යට සම්බන්ධ සාක්කි රැසක් එම මධ්‍ය­ස්ථා­නයේ තිබීම නිසාය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT