යාපනයේ නෙල්ලිඅඩි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පච්ච කොටන මධ්‍යස්ථානයක් (ටැටූ මධ්‍යස්ථානයක් ) තුළදී වයස අවුරුදු 14ක දැරියක බලහත්කාරයෙන් දූෂණය වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යස්ථානයට පෙරේදා (29) මුද්‍රා තබා ඇත.
වඩමාරච්චි නිරිතදිග ප්‍රාදේශීය සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මල්ලාකම් අධිකරණයේ නියෝගයක් මත ඒ මධ්‍යස්ථානයට මුද්‍රා තබා තිබේ. දූෂණයට ලක් වූ දැරිය පේදුරුතුඩුව රෝහලට ඇතුළත්කොට ඇය සම්බන්ධයෙන් පූර්ණ වෛද්‍ය වාර්තාවක් ලබාගෙන එම වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද අධිකරණයෙන් නියෝගයක් ලැබී තිබේ.
මෙම මධ්‍යස්ථානයෙන් පච්චයක් කෙටීමට ගිය බාලවයස්කාර දැරියක පච්ච කොටන මධ්‍යස්ථානයේ සේවය කළ තරුණයින් කීප දෙනකු විසින් දූෂණය කිරීම නිසා ඒ පිළිබඳව නෙල්ලිඅඩි පොලීසියට ලද පැමිණිල්ලක් මත සැකකරුවන් දෙදෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.
එම සිද්ධියේ පරීක්ෂණ නිමවනතුරු අදාළ පච්ච කෙටීමේ මධ්‍යස්ථානයට මුද්‍රා තබා ඇත්තේ මහජනතාවගෙන් එම මධ්‍යස්ථානය වෙත එල්ල වූ දැඩි විරෝධය සැලකිල්ලට ගැනීමෙන් හා දැරිය දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ සාක්කි රැසක් එම මධ්‍යස්ථානයේ තිබීම නිසාය.