Home » බණ්ඩා­ර­වෙල ගොවීන්ට හිඟයක් නැතිව බිම්මල් අර්තා­පල් බීජ

බණ්ඩා­ර­වෙල ගොවීන්ට හිඟයක් නැතිව බිම්මල් අර්තා­පල් බීජ

by Gayan Abeykoon
January 31, 2025 1:00 am 0 comment

හාලි­ඇළ සමූහ - ආර්.එම්. විජේ­රත්න

බණ්ඩා­ර­වෙල බිඳු­ණු­වැව සේවා සංස්ක­රණ අභ්‍යාස මධ්‍ය­ස්ථා­නය මඟින් මේ වන විට ගොවීන්ට අවශ්‍ය නිර්දේ­ශිත ප්‍රභේ­ද­යන්හි උසස් තත්ත්වයේ අර්තා­පල් හා බිම්මල් බීජ නිෂ්පා­ද­නය ඉහළ නංවා ඇති අතර අවශ්‍ය ගොවීන්ට එම බීජ හිඟ­ය­කින් තොරව මේ වන විට මිල­දී­ගත හැකි බව එම ආය­ත­නයේ ප්‍රධානී නියෝජ්‍ය කෘෂි­කර්ම අධ්‍යක්ෂ (පුහුණු) ජී.ඒ.ඒ. ගුරු­සිංහ මහතා පව­සයි. ඒ මහතා මේ බව පැව­සුවේ මේ සම්බ­න්ධ­යෙන් බදුල්ල දිස්ත්‍රික් කෘෂි­කර්ම කමි­ටුව දැනු­වත් කර­මිනි.

කල­කට ඉහත බිම්මල් බීජ හිඟ­යක් පැව­තීම හේතු­වෙන් ප්‍රදේ­ශයේ බිම්මල් වගා­ක­රු­වන් අප­හ­සු­තා­ව­යට පත්ව සිටි නමුත් මේ වන­විට අවශ්‍ය තරම් බීජ මිලදී ගත හැකි අතර අමෙ­රි­කන් ඔයි­සි­ටර්, ඇබ­ලෝනි හා පින්ක් ඔයි­ස්ටර් යන වර්ග­වල බිම්මල් බීජ සිය ආය­ත­නය මඟින් කාර්යාල වේලා­වන් තුළ ලබා­ගත හැකි බවත්, ග්‍රැනෝලා වර්ගයේ අර්තා­පල් පෙර මූලික බීජ ඉතා පහසු මිලට ලබා­ගත හැකි බවත් ඒ මහතා කීය.

ඊට අම­ත­රව සිය ආය­ත­නයේ පටක රෝපණ අංශය මගින් ඇන්තූ­රි­යම්, කෙසෙල් හා ස්ට්‍රෝබෙරි පැළ පටක රෝපණ තාක්ෂ­ණ­යෙන් නිෂ්පා­ද­නය කෙරෙන අතර ඉදි­රි­යේදී උඩ­වැ­ඩියා (ඕකිඩ්) පැළ නිෂ්පා­ද­නය ද අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය අධ්‍ය­ක්ෂ­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT