මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ සුබසාධන අංශය මඟින් කලාප කාර්යාල භූමියේ පර්චස් එකක භූමිභාගයක සාර්ථක එළවළු වගාවක් ආරම්භ කරනු ලැබ ඇත. ගොඩනැඟිලි හෝ වෙනත් කාර්යයක් සඳහා යොදාගත නොහැකි කලාප අධ්‍යාපන කාර්යාල භුමියේ පර්චස් එකක පමණ භුමි භාගයක මෙම එළවළු වගාව සාර්ථකව ආරම්භ කර තිබේ. එහි වගාකර ඇති එළවළු භෝග අතර ගෝවා, චීනගෝවා, කොළ ගෝවා, (දම්පාට, කොළ පාට) මාලු මිරිස්, කඩ මිරිස්, සලාද කොළ, අමුකහ, වම්බටු, ඉඟුරු, ලබු, කරවිල, තක්කාලි, හබරල, ගස් ලූනු, මුකුණුවැන්න, කංකුං ආදී එළවළු සාරවත් ලෙස වගාකර ඇත. කලාප කාර්යාල භූමියෙන් උපරිම ප්‍රයෝජන ගත හැකි පරිදි මෙම එළවළු වගාව, කලාප අධ්‍යාපන අධ්යක්ෂ ඒ. වජිර රණරාජා පෙරේරා මහතාගේ උපදෙස් පරිදි කාර්යාලයීය සුබසාධන අංශය මෙම කොරටුව ආරම්භ කර ඇත.
කෘෂිකර්ම අධ්යක්ෂ සී. ඉලංගකෝන්, කෘෂිකර්ම උපදේශක කේ. සුසන්ත යන මහත්වරුන්ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ මෙම එළවළු කොරටුව තුළ ඉහත එළවළු වර්ග සාර්ථකව වගා කර ඇත.
කලාප කාර්යාල පරිශ්‍රයේ එකතුවන කොළරොඩු වළකට දමා දිරා යාමට සලස්වා, කොම්පෝස්ට් නිෂ්පාදනය කර එයට දහයියා කළවම් කර වස විසෙන් තොර පොහොර වශයෙන් භාවිත කරන බව කොරටුව පාලිකා අනුක්ෂි මහත්මිය කියා සිටියාය. එළවළු වගාවෙන් ලැබෙන ආදායම කලාප කාර්යාලයේ සුබසාධන අංශයට බැර කෙරෙන බව ද ඒ මහත්මිය කීවාය.