Home » කලාප අධ්‍යා­පන කාර්යාල භූමියේ සරු එළ­වළු කොර­ටු­වක්

කලාප අධ්‍යා­පන කාර්යාල භූමියේ සරු එළ­වළු කොර­ටු­වක්

by Gayan Abeykoon
January 31, 2025 1:00 am 0 comment

උඩු­ග­ම්පොළ සමූහ - එල්.ඩබ්. ආරි­ය­රත්න

මිනු­ව­න්ගොඩ කලාප අධ්‍යා­පන කාර්යා­ලයේ සුබ­සා­ධන අංශය මඟින් කලාප කාර්යාල භූමියේ පර්චස් එකක භූමි­භා­ග­යක සාර්ථක එළ­වළු වගා­වක් ආරම්භ කරනු ලැබ ඇත. ගොඩ­නැ­ඟිලි හෝ වෙනත් කාර්ය­යක් සඳහා යොදා­ගත නොහැකි කලාප අධ්‍යා­පන කාර්යාල භුමියේ පර්චස් එකක පමණ භුමි භාග­යක මෙම එළ­වළු වගාව සාර්ථ­කව ආරම්භ කර තිබේ. එහි වගා­කර ඇති එළ­වළු භෝග අතර ගෝවා, චීන­ගෝවා, කොළ ගෝවා, (දම්පාට, කොළ පාට) මාලු මිරිස්, කඩ මිරිස්, සලාද කොළ, අමු­කහ, වම්බටු, ඉඟුරු, ලබු, කර­විල, තක්කාලි, හබ­රල, ගස් ලූනු, මුකු­ණු­වැන්න, කංකුං ආදී එළ­වළු සාර­වත් ලෙස වගා­කර ඇත. කලාප කාර්යාල භූමි­යෙන් උප­රිම ප්‍රයෝ­ජන ගත හැකි පරිදි මෙම එළ­වළු වගාව, කලාප අධ්‍යා­පන අධ්‍යක්ෂ ඒ. වජිර රණ­රාජා පෙරේරා මහ­තාගේ උප­දෙස් පරිදි කාර්යා­ල­යීය සුබ­සා­ධන අංශය මෙම කොර­ටුව ආරම්භ කර ඇත.

කෘෂි­කර්ම අධ්‍යක්ෂ සී. ඉලං­ග­කෝන්, කෘෂි­කර්ම උප­දේ­ශක කේ. සුසන්ත යන මහ­ත්ව­රුන්ගේ උප­දෙස් හා මඟ­පෙ­න්වීම යටතේ මෙම එළ­වළු කොර­ටුව තුළ ඉහත එළ­වළු වර්ග සාර්ථ­කව වගා කර ඇත.

කලාප කාර්යාල පරි­ශ්‍රයේ එක­තු­වන කොළ­රොඩු වළ­කට දමා දිරා යාමට සලස්වා, කොම්පෝස්ට් නිෂ්පා­ද­නය කර එයට දහ­යියා කළ­වම් කර වස විසෙන් තොර පොහොර වශ­යෙන් භාවිත කරන බව කොර­ටුව පාලිකා අනුක්ෂි මහ­ත්මිය කියා සිටි­යාය. එළ­වළු වගා­වෙන් ලැබෙන ආදා­යම කලාප කාර්යා­ලයේ සුබ­සා­ධන අංශ­යට බැර කෙරෙන බව ද ඒ මහ­ත්මිය කීවාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT