උතුරුමැද පළාතේ සේවයේ නියුතු කාර්යාල කාර්යය සහායක නිලධාරීන් හැට දෙනකුට කළමනාකරණ සහකාර නිලධාරීන් ලෙස උසස්වීම් ලබාදීම සහ රෝහල්වල සෞඛ්‍ය කාර්යය සේවකයන් වශයෙන් සේවය කළ එකසිය දොළොස් දෙනකු සඳහා උසස්වීම් ලබා දීම උතුරුමැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණ.
ඒ අනුව, උතුරුමැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැති මෙම අවස්ථාවට එක්ව සිටි වසර 10ක පමණ කාලයක් සෞඛ්‍ය කාර්යය සහායක වශයෙන් සේවය කළ පනස්දෙදෙනෙක් උපස්ථායකවරු ලෙස උසස්වීම් ලැබූහ. අදාළ සේවා කාලය සම්පූර්ණ කර මාස තුනක උපස්ථායක පුහුණුවකින් පසුව පැවැති ලිඛිත පරීක්ෂණයකින් සමත් වූ අය සඳහා මෙම පත්වීම් රාජ්‍ය සේවා කොමිසම මඟින් පිරිනමනු ලැබිණ. මෙයට අමතරව කාර්යාල කාර්යය සහායකයන් ලෙස සේවය කළ සේවකයන් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් කළමනාකරණ සහකාර නිලධාරී පත්වීම් පිරිනැමීම සිදු කෙරිණ.
මෙම නිලධාරීන් අනුරාධපුර හා පොලොන්නරු දිස්ත්‍රික්කවල රෝහල්වලට සහ ආයතනවල සේවයේ සඳහා යෙදවීමට නියමිතය.