Monday, May 12, 2025
Home » උතු­රු­ මැද පළාතේ කාර්යාල හා සෞඛ්‍ය කාර්යය සහා­ය­ක­යන්ට උස­ස්වීම්

උතු­රු­ මැද පළාතේ කාර්යාල හා සෞඛ්‍ය කාර්යය සහා­ය­ක­යන්ට උස­ස්වීම්

by Gayan Abeykoon
January 31, 2025 1:00 am 0 comment

අනු­රා­ධ­පුර - අමිල ප්රභාත් වන­සිංහ

උතු­රු­මැද පළාතේ සේවයේ නියුතු කාර්යාල කාර්යය සහා­යක නිල­ධා­රීන් හැට දෙන­කුට කළ­ම­නා­ක­රණ සහ­කාර නිල­ධා­රීන් ලෙස උස­ස්වීම් ලබා­දීම සහ රෝහ­ල්වල සෞඛ්‍ය කාර්යය සේව­ක­යන් වශ­යෙන් සේවය කළ එක­සිය දොළොස් දෙනකු සඳහා උස­ස්වීම් ලබා දීම උතු­රු­මැද පළාත් ආණ්ඩු­කාර වසන්ත ජින­දාස මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගි­යදා සිදු කෙරිණ.

ඒ අනුව, උතු­රු­මැද පළාත් සෞඛ්‍ය අධ්‍ය­ක්ෂක කාර්යාල ශ්‍රව­ණා­ගා­ර­යේදී පැවැති මෙම අව­ස්ථා­වට එක්ව සිටි වසර 10ක පමණ කාල­යක් සෞඛ්‍ය කාර්යය සහා­යක වශ­යෙන් සේවය කළ පන­ස්දෙ­දෙ­නෙක් උප­ස්ථා­ය­ක­වරු ලෙස උස­ස්වීම් ලැබූහ. අදාළ සේවා කාලය සම්පූර්ණ කර මාස තුනක උප­ස්ථා­යක පුහු­ණු­ව­කින් පසුව පැවැති ලිඛිත පරී­ක්‍ෂ­ණ­ය­කින් සමත් වූ අය සඳහා මෙම පත්වීම් රාජ්‍ය සේවා කොමි­සම මඟින් පිරි­න­මනු ලැබිණ. මෙයට අම­ත­රව කාර්යාල කාර්යය සහා­ය­ක­යන් ලෙස සේවය කළ සේව­ක­යන් සඳහා රාජ්‍ය සේවා කොමි­ෂන් සභාව මඟින් කළ­ම­නා­ක­රණ සහ­කාර නිල­ධාරී පත්වීම් පිරි­නැ­මීම සිදු කෙරිණ.

මෙම නිල­ධා­රීන් අනු­රා­ධ­පුර හා පොලො­න්නරු දිස්ත්‍රි­ක්ක­වල රෝහ­ල්ව­ලට සහ ආය­ත­න­වල සේවයේ සඳහා යෙද­වී­මට නිය­මි­තය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT