Home » සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් 3065 අමෙරිකාවෙන් එළියට

සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් 3065 අමෙරිකාවෙන් එළියට

by chanaka
February 1, 2025 7:00 am 0 comment

නව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ගේ පරිපාලනය විසින් පිටුවහල් කිරීමට නියමිතය.

නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශික සංක්‍රමණිකයන් අතර ශ්‍රී ලාංකිකයින් 3065 දෙනෙකු සිටින බව එරට සංක්‍රමණික සහ රේගු බලාධිකාරිය නිවේදනය කර ඇත.

මේ ආකාරයෙන් ලොව පුරා රටවල් රැසකින් පැමිණ අමෙරිකාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටින දාහතර ලක්ෂ 45,549ක ලැයිස්තුවක් නව අමෙරිකානු පරිපාලනය විසින් මේ වනවිට සකස් කර ඇති බව සඳහන් වේ.

ඊට ඇතුළත් කර ඇත්තේ අමෙරිකාවෙන් ඉවත් කිරීමේ අවසාන ලැයිස්තුවට අයත් විදේශිකයන් සංඛ්‍යාව බව සඳහන් කෙරේ.

එහිදී අමෙරිකානු රජයේ පියවරට සහාය නොදක්වන රටවල් ලැයිස්තුවක් ද දක්වා ඇති අතර, ඊට ශ්‍රී ලංකාව අයත්ව නොමැති බවද අනාවරණය වී ඇත.

රසික කොටුදුරගේ

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT