Home » මෙරට දරුවන් 1000ක් වසරකට පිළිකා රෝගයට ගොදුරු වෙයි – සෞඛ්‍ය අංශ හෙළි කරයි

මෙරට දරුවන් 1000ක් වසරකට පිළිකා රෝගයට ගොදුරු වෙයි – සෞඛ්‍ය අංශ හෙළි කරයි

by chanaka
February 1, 2025 11:08 am 0 comment

මෙරට දරුවන් 1000කට අධික සංඛ්‍යාවක් වසරකට පිළිකා රෝගයට ගොදුරු වන බව සෞඛ්‍ය අංශ පවසයි.

මහරගම අපේක්ෂා රෝහලේ රුධිරගත පිළිකා රෝග පිළිබඳ විශේෂ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා සඳහන් කළේ, ඒ අතරින් 30% ක් ලියුකේමියාවටද, 25% ක් මධ්‍ය ස්නායු පද්ධතිය ආශ්‍රිත පිළිකා රෝගයටද ගොදුරුවී ඇති බවයි.

මෙරටින් වාර්ෂිකව පිළිකා රෝගීන් 40,000ක් පමණ වාර්තා වන අතර ඒ අතරින් 4,000ක් රුධිරගත පිළිකා රෝගීන් බව ඔහු ප්‍රකාශ කළේ ය.

පිළිකා වලින් තුනෙන් එකක්ම වළක්වා ගත හැකි බව විශේෂ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා සඳහන් කළේ ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT