Home » අමෙරිකා ගුවන් අනතුරින් මිය ගිය 28කගේ සිරුරු හදුනා ගනියි

අමෙරිකා ගුවන් අනතුරින් මිය ගිය 28කගේ සිරුරු හදුනා ගනියි

by chanaka
February 1, 2025 7:18 am 0 comment

අමෙරිකාවේ සිදු වූ ගුවන් අනතුරෙන් මිය ගිය 28දෙනෙකුගේ මළ සිරුරු සිකුරාදා වනවිට හදුනා ගත් බවත් සිරුරු 41ක් ජලයේ තිබී සොයා ගැණූනු බවත් බලධාරීන් සදහන් කර ඇත.

රොනල්ඩ් රේගන් වොෂින්ටන් ජාතික ගුවන්තොටුපළ ආසන්නයේ දී ඉකුත් බදාදා පුද්ගලයින් 67 දෙනෙකුට මරුකැදවමින් හෙලිකොප්ටර් යානයක් සහ ගුවන් යානයක් අනතුරට ලක් විය.

මෙම යානා දෙකේම කළු පෙට්ටි මේ වන විට සොයා ගෙන විමර්ශණ ආරම්භ කර තිබේ.

ඒ අනුව කළු පෙට්ටිවල තෙතමනය නිස්සාරණය කිරීමෙන් පසු, “ඉතා ඉක්මනින්” පටිගත කරන්නන්ගෙන් දත්ත ලබා ගැනීමට ඔවුන්ට හැකි වනු ඇතැයි අමෙරිකාවේ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩල සාමාජික ටොඩ් ඉන්මන්, සිකුරාදා සවස වාර්තාකරුවන්ට පැවසීය.

එසේම දින 30ක් ඇතුළත අනතුර සම්බන්ධයෙන් මූලික වාර්තාවක් ලබා දීමට ද නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT