Home » නිදහස් දිනයට පොලිසියෙන් 1650ක්

නිදහස් දිනයට පොලිසියෙන් 1650ක්

by chanaka
February 1, 2025 11:09 am 0 comment

මෙවර නිදහස් දින සමරුම් ප්‍රධාන උත්සවයේ හා පෙරහුරුවල ආරක්ෂාව සඳහා පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 1,650ක් අනියුක්ත කර තිබේ.

පොලිසිය සඳහන් කළේ , රථවාහන ගමනාගමනයට හා මගී ජනතාවට බාධා නොවන අයුරින් පෙරහුරුව සහ ප්‍රධාන උත්සවය පැවැත්වීමට විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක බවයි.

ඒ අනුව නිදහස් දින සැමරුම් පෙරහුරුව වෙනුවෙන් අද දිනයෙත් කොළඹ නිදහස් චතුරස්‍රය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි.

උදෑසන 6.00 සිට දහවල් 12.00 දක්වා එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මකය. එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය ජනතාවට දැනුම් දෙයි.

77 වැනි ජාතික නිදහස් දින සැමරුම ලබන 4 වැනිදා, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

මෙවර නිදහස් සැමරු උළෙලේදී ජනාධිපති උත්තමාචාර වෙඩි මුර පිරිනැමෙන්නේ නැත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT