Monday, May 5, 2025
Home » කෝටි දෙකක් වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

කෝටි දෙකක් වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

by chanaka
February 1, 2025 11:17 am 0 comment

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන ගුවන් මගින් මෙරටට පැමිණි සැකකරුවෙකු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු කටුනායකදී ගුවන් තොටුපොළෙන් පිට වී යමින් සිටියදී ,  පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (31) එම වැටලීම සිදුකර ඇත.

ඒ කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදීය.

අදාළ 36 හැවිරිදි සැකකාර පුද්ගලයා විසින් රැගෙන ආ ගමන් මලු තුළ කිලෝ ග්‍රෑම් 02 ක බරකින් යුතු ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගය සගවා ගෙන තිබූ අතර , මෙම ව්‍යාපාරිකයා ගුවන් තොටුපොළේ සිට රැගෙන යාම සදහා පැමිණ සිටි 31 හැවිරිදි පුද්ගලයෙකු ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

අත්අඩංගුවට ගත් සැකකරුවන් හංවැල්ල හා උඩුගම්පල ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

කටුනායක ටී.කේ.ජී.කපිල

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT