Saturday, May 3, 2025
Home » පුරවැසියන්ගෙන් සැලකිය යුතු පිරිසකට ඉඩම් ඔප්පු නැහැ

පුරවැසියන්ගෙන් සැලකිය යුතු පිරිසකට ඉඩම් ඔප්පු නැහැ

by chanaka
February 1, 2025 6:55 am 0 comment

රට තුළ වාසය කරන පුරවැසියන්ගෙන් සැලකිය යුතු පිරිසකට ඉඩම් ඔප්පු හෝ බලපත්‍ර නොමැති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සදහන් කරයි.

නිකවැරටිය ප්‍රදේශයේ ජනතාව වෙත ඉඩම් පවරා දීමේ උත්සවයක් ඊයේ(31) අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ.

එම අවස්ථාවට නිකවැරටිය ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු රජයේ නිලධාරින් රැසක් ද සහභාගී වූහ.

එහිදී අදහස් දක්වමින් ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ රට තුළ වාසය කරන පුරවැසියන්ගෙන් සැලකිය යුතු පිරිසකට ඉඩම් ඔප්පු හෝ බලපත්‍ර නොමැති බවයි. එමෙන්ම බහුතරයක් ජනතාව එම ඉඩම්වල අවුරුදු තිහක් හතළිහක් පමණ කාලයක් ජීවත් වුවත් ඔවුන්ට ඉඩම්වල අයිතිය නොමැති වීම නිසාවෙන් විශාල පීඩාවන්ට ලක්වන බවත් ප්‍රකාශ කළේය. ඉඩමක අයිතිය ලබාදීම යනු හුදු ඔප්පුවක් ලබාදීමක්්පමණක් නොවන බවත් එය අප රටෙහි ජනතාවගේ ජීවිත මීට වඩා යහපත් ජන ජීවිතයක් බවට පරිවර්තනය කිරීමේත් රට සංවර්ධිත රටක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළෙහිත් එක් කොටසක් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එපමණක් නොව ජාතික ජන බලවේග ආණ්ඩුව ඉතා සැලසුම් සහගත ලෙසින් රට ගොඩ නගමින් සිටින බවත් අප රටේ ජනතාව විසින් දෙවරක් අනුමත කරන ලද මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ඉඩමක් නොමැති ජනතාව වෙත ඉඩමක් ලබාදෙන බවට පොරොන්දුවක් අන්තර්ගත කොට තිබූ බවත් එම පොරොන්දුව ඉටුකිරීමක් ලෙසින් ද මෙම අවස්ථාව සැලකිය හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT