Home » Samsung විසින් උසස් AI විශේෂාංග සහිත Bespoke AI දොර දෙකේ ශීතකරණ මාලාවක් හඳුන්වා දෙයි

Samsung විසින් උසස් AI විශේෂාංග සහිත Bespoke AI දොර දෙකේ ශීතකරණ මාලාවක් හඳුන්වා දෙයි

by yasara
February 3, 2025 10:03 pm 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය Samsung සිය නව Bespoke AI දොර දෙකේ ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවේ එළි දක්වන ලදි. Bespoke නිර්මාණ සැලසුම සහ WIFI සම්බන්ධතාවය, Smart Things AI බලශක්ති මාදිලිය. Smart things හෝම් කෙයාර්, ස්මාර්ට් ෆෝවර්ඩ් සමග පරිවර්තනය 5-In 1, Twin Cooling PlusTm සහ ඇක්ටිව් ෆ්‍රෙෂ් ෆිල්ටර් +, වැනි උසස් AI විශේෂාංග සමගින් නව පෙළගැස්ම ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ වර්ධනය වන අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගෙන ඇත.

Samsung Bespoke AI දොර දෙකේ ශීතකරණ මාලාව වානේ නිමාවකින් යුක්ත අතර, තෝරා ගැනීම සඳහා Elegant Inox සහ Refined Inox වර්ණයන්ගෙන් ඇත. වැඩි ගබඩා ධාරිතාවත් භාවිතයේ පහසුවත් සහ නම්‍යශීලි බවත් ලබාදෙන මෙම ශීතකරණ මාදිලිය ලංකා රුපියල් 304,999 ක ආරම්භක මිලට ලීටර 396 ක ධාරිතාවයකින් ලබාගත හැක.

“ශීතකරණ කාණ්ඩයේ ප්‍රමුඛයන් වශයෙන්, අපගේ අවධානය සිසිලනය ඉක්මවා යන්නකි – අපගේ උපකරණ ලබාගැනීමේ පහසුකම, අනුවර්තනය වීමේ හැකියාව සහ දර්ශනීය නිමාව එකවර ලබාදීමෙන් එදිනෙදා ජීවන තත්ත්වය උසස් කරන බවත්, එම උපකරණ උසස් AI විශේෂාංගයන්ගෙන් යුක්ත බවත්, Bespoke හි සැලසුම හා විශාල ධාරිතාව එය භාවිතා කරන්නන්ට කාර්ය සාධනය, බලශක්ති කාර්යක්ෂමතාව සහ සැලසුමෙහි පරිපූර්ණ සංයෝජනයක් ලබා දෙන බවත්, Samsung ශ්‍රීලංකා හි කළමනාකරණ අධ්‍යක්ෂ SangHwa Song මහතා පැවසීය.
SmartThings AI බලශක්ති මාදිලිය.

AI බලශක්ති මාදිලිය ශීතකරණයේ භාවිත රටාව විශ්ලේෂණය කිරීමෙන් විදුලිය භාවිතය ප්‍රශස්ත කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස විදුලි පාරිභෝජනය 10% දක්වා අඩු කරයි. මෙම බුද්ධිමත් අංගය බලශක්ති කාර්යක්ෂමතාව වැඩි කරන බැවින් එය පරිසර හිතකාමී කුටුම්භ සඳහා කදිම තේරීමකි. AI බලශක්ති මාදිලිය මගින් ගෘහ උපකරණයන්හි විදුලි පරිභෝජනය කාර්යක්ෂමව කළමනාකරණය කිරීමට ඉඩ සලසන බැවින් සැලකිය යුතු පිරිවැයක් ඉතිරි කරයි. මෙම විශේෂාංගය විදුලිය භාවිතය අධීක්ෂණය සහ පාලනය කර ශීතකරණය ඇතුලු උපකරණ උපරිම කාර්යක්ෂමතාවයෙන් ක්‍රියාත්මක වන බව සහතික කරයි.

Smart Things හෝම් කෙයාර්

හෝම් කෙයාර් මගින් නැවත නැවත ඇතිවන ගැටලු හඳුනා ගැනීම සඳහා ශීතකරණයේ අතීත සහ වර්තමාන මෙහෙයුම් සංසන්දනය කරයි. එය ශීතකරණය ප්‍රශස්ත තත්ත්වයෙන් පවත්වාගෙන යාම, උපරිම විදුලි කාර්යක්ෂමතාව සහතික කිරීම සහ උපකරණයේ ආයු කාලය දීර්ඝ කිරීම සඳහා ප්‍රායෝගික උපදෙස් සපයයි.

සුහුරු ආලෝකය (Smart Lighting) [මෘදු ආලෝකය (Gentle Lighting)]

මද ආලෝක ක්‍රමයෙන් ආලෝකය ක්‍රියාත්මක වන අතර “මෘදු ආලෝකය” Smart Things යෙදවුම හරහා දීප්තිය ගලපාගනු ලබයි. රාත්‍රී ආලෝක මාදිලිය ස්වයංක්‍රීයව දවසේ කාලය පදනම්ව දීප්තිය සකසා ගනියි. එමගින් භාවිත කරන්නාට පහසුව සලසයි.

Convertible 5-in1

Convertible 5-in1 විශේෂාංගය නවීන ශ්‍රී ලාංකික ගෘහයක සියලු ශීතකරණයක ගබඩා අවශ්‍යතාවන්ට සරිලන පරිදි පරිවර්තන ක්‍රම පහක් සමග අමතර නම්‍යශීලී බවක් ලබාදෙයි. එය සංවිධානාත්මක ශීතකරණ භාවිතයක් සහතික කරමින් සිල්ලර බඩු සහ ඉතිරි ද්‍රව්‍ය සඳහා ප්‍රමාණවත් ඉඩක් ලබාදෙයි.
Twin Cooling PlusTM
මෙම විශේෂාංගය සමග ඔබට දේශගුණයක නැවුම් බවක් ලැබේ. Bespoke AI දොර දෙකේ ශීතකරණ මාලාව වාෂ්පීකරණ දෙකක් සහ පංකා භාවිත කරමින් ශීතකරණය සහ අධිශීතකරණය කොටස් සිසිලනය වෙන් වෙන්ව කළමනාකරණය කරයි. මෙය 70% දක්වා තෙතමනය රඳවා තබා ගැනීම සහතික කරයි. එමෙන්ම සුවඳ මිශ්‍ර වීම වළක්වන අතර, දිගු කාලයක් සඳහා නැවුම් ප්‍රශස්ත බව රඳවා ගනියි.
ඇක්ටිව් ෆ්‍රෙෂ් ෆිල්ටර් + (Active Fresh Filter+) Active Fresh Filter + මගින් ශීතකරණය තුළ වාතය පිරිසිදුව සෞඛ්‍ය සම්පන්නව තබා ගන්නා අතර 99.99% බැක්ටීරියා ඉවත් කිරීම මගින් ආහාර දූෂිත වීමේ අවදානම අඩු කරයි. එය ගන්ධයන් උදාසීන කරන අතර, සක්‍රිය කාබන් ෆිල්ටරය හරහා වාතය නිරන්තරයෙන් විෂබීජ හරණය කර දුගඳ ඉවත් කරයි.

Power Cool සහ Power Freeze (පවර් කූල් සහ පවර් ෆ්‍රීස්) පවර් කූල් සහ පවර් ෆ්‍රීස් ක්‍රියාකාරකම් මගින් වේගවත් සිසිලනය සහ හිමායනය  (Freezing) සිදු කරයි. ඉක්මණින් බීම වර්ග ශීත කිරීම හෝ කෙටි කලයක් තුළ ආහාර ශීත කිරීම සක්‍රීය කරයි. ඉක්මණින් ශීතකිරීම හෝ අයිස් සෑදීම අවශ්‍ය වන අවස්ථා සඳහා මෙම අංගය ඉතා යෝග්‍ය වේ.

Digital Inverter Compressor (ඩිජිටල් ඉන්වර්ටර් සම්පීඩකය)
ඩිජිටල් ඉන්වර්ටර් සම්පීඩකය මගින් ස්ථාවර සිසිලනය, විදුලි නාස්තිය අඩු කිරීම සහ බිඳවැටීම් සහ ගෙවීයාම් අවම කරයි. වසර 20 ක වගකීමක් සහිතව විශ්වාසනීය දිගු කාලීන භාවිතය සහිත කරයි.
නව Bespoke AI දොර දෙකේ ශීතකරණ මාලාව, රු. 304,999 ක ආරම්භක මිලක සිට සිංහගිරි, සිංගර් සහ දම්රෝ වෙතින් මිලදී ගත හැක.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT