Tuesday, May 6, 2025
Home » 2032දී ග්‍රාහකයක් පෘථිවියේ ගැටීමේ අවස්ථාව 1%ක් පමණයි

2032දී ග්‍රාහකයක් පෘථිවියේ ගැටීමේ අවස්ථාව 1%ක් පමණයි

-නාසා ආයතනයෙන් නිවේදනයක්

by sachintha
February 3, 2025 1:30 am 0 comment

වසර 2032 දී ග්‍රාහකයක් පෘථිවියේ ගැටෙනු ඇතැයි විද්‍යාඥයන් අනාවැකි පළ කළද, එය පෘථිවියේ නොගැටීමට ඇති අවස්ථාව ඉතා අවම මට්ටමක පවතින බව නාසා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. නාසා ආයතනයේ වෙබ් අඩවියේ සඳහන් වන්නේ වසර 2032 දෙසැම්බරයේ 22 වැනිදා එය පෘථිවියේ ගැටීමට ඇති අවස්ථාව 1%ක් පමණක් වන බවය. කෙසේ වුවද පසුගිය වසරේ දෙසැම්බරයේ 27 වැනිදා පළමු වරට අනාවරණය වූ මේ කුඩා ග්‍රාහකය පිළිබඳ තවදුරටත් නිරීක්ෂණ රැස් කරන බවත්, එවැනි මූලික නිරීක්ෂණ කාලයත් සමඟ වෙනස් විය හැකි බවත් නාසා ආයතනය ප්‍රකාශ කරයි.

2024 YR4 නමින් නාසා ආයතනය විසින් හඳුන්වනු ලබන එම ග්‍රාහකය ප්‍රමාණයෙන් අඩි 130ත් 300ත් අතර පළලකින් යුතු බවට අනුමාන කර ඇති බවත්, අවදානම් ග්‍රාහක ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවත් වාර්තා වේ. අනාගතයේදී පෘථිවිය ආසන්නයෙන් ගමන් කරමින් පෘථිවියට අඩු වැඩි වශයෙන් බලපෑම් එල්ල විය හැකි ඕනෑම ග්‍රාහකයක් අවදානම් ලැයිස්තුවට ඇතුළත් කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT