Home » සබරගමුව මහ සමන් දේවාලයේ භාරකරු සම්බන්ධයෙන් දුන් නියෝගය මෙන්න

සබරගමුව මහ සමන් දේවාලයේ භාරකරු සම්බන්ධයෙන් දුන් නියෝගය මෙන්න

by chanaka
February 3, 2025 1:51 pm 0 comment

සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස එස්. වී. චන්ද්‍රසිංහ මහතා පත්කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (03) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

එමෙන්ම නිලමේවරයා තෝරා ගැනීමට අදාළ නිලවරණයේ දී ඒ මහතාට ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් තවත් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කර ඇත.

සබරගමුව මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ මිගාර ජයසුන්දර, බස්නායක නිලමේවරුන්ගේ සංසඳයේ සභාපති හේමන්ත බණ්ඩාර හේරත් සහ ලේකම් ප්‍රියන්ත බණ්ඩාර ජයසුන්දර යන අය විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝග නිකුත් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT