Home » උලපනේ සුමංගල හිමි ඇතුළු තිදෙනෙකුට එරෙහිව පැමිණිල්ලක්

උලපනේ සුමංගල හිමි ඇතුළු තිදෙනෙකුට එරෙහිව පැමිණිල්ලක්

by chanaka
February 3, 2025 3:37 pm 0 comment

අධිකරණ නියෝගයක් මත නාරාහේන්පිට ප්‍රදේශයේ පැල්පත් නිවාස කීපයක් ඉවත් කිරීමට ගිය පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසකට බාධා කළේ යැයි කියන සිද්ධියට සම්බන්ධ ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමි හා කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව පැමිණිල්ලක් ගොනු කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද(03) නාරාහේන්පිට පොලිසියට නියෝග කළේය.

නාරාහෙන්පිට දාබරේ මාවත ප්‍රදේශයේ නීති විරෝධීව ඉදිකර ඇති පැල්පත් කිහිපයක් අධිකරණයේ නියෝග මත ඉවත් කිරීමට ගිය පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසකට එසේ බාධා පැමිණවීම, විරෝධය සෑම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ නාරාහේන්පිට පොලිසිය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් තිදෙනා මේ වන විට ඇප මත මුදාහැර තිබේ.

නඩුව නැවත කැදවීම ලබන ජුනි මස 02වැනිදාට කල් තැබිණි.

කල්පනි අබේසිංහ

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT