හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය 24 හැවිරිදි එංගලන්ත ජාතික කාන්තාව නවාතැන් ගෙන සිටි කොල්ලුපිටියේ ලැගුම්හල සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සිදු කර, රැදී සිටීමේ යෝග්‍යතා වාර්ථා කිරීමක් කරන තෙක් එම ලැගුම් හල වසා තබන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(03) නියෝග නිකුත් කළේය.
වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කොල්ලූපිටිය පොලීසිය කොටුව අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවේ දන්වා සිටියේ ඇගේ කාමරයේම නවාතැන් ගෙන සිටි තවත් ජර්මානු ජාතික යුවළක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවය.
සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන වාර්තාවක් කොල්ලුපිටිය පොලීසිය මගින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරනු ලැබූ අතර රජයේ රස පරීක්ෂක කාර්යාලයේ නිළධාරීන් සිදු කරන පරීක්ෂණයෙන් අනතුරුව ඉදිරි පරීක්ෂණ සිදු කර රැදී සිටීමේ යෝග්‍යතාවය වාර්ථා කිරීමක් සිදු කරන තෙක් අංක 177/01, ආර් ඒ ද මෙල් මාවත, කොළඹ 03 ලිපිනයේ පිහිටා තිබෙන මිරා කල් කලම්බු සිටි හොස්ටල් ගොඩනැගිල්ල අවශ්‍ය සියලුම සෞඛ්‍ය නිර්දේශ සම්පූර්ණ වූ පසුනිසි බලපත්‍රයක ලබා ගැනීමෙන් පසුව පමණක් විවෘත කිරීමට නිර්දේශ කරන තෙක් වසා තබන ලෙස අධිකරණය නියෝග කළේය.
තවද මේ සම්බන්ධයෙන් තව දුරටත් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන අතර ඒ සදහා තවත් ප්‍රකාශයන් සටහන් කිරීමට ඇති බවත් මරණකාරියගේ ඥාතීන් ගෙන්වා මෘත ශරීරය හදුනා ගැනීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට කටයුතු සිදු කිරීමට නියමිත බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
සුභාෂිණී සේනානායක