Tuesday, May 6, 2025
Home » හබරණ-ත්‍රිකුණාමල අලි වංගුවේදී බස්-වෑන් එකිනෙක ගැටී දෙදෙනෙක් මරුට

හබරණ-ත්‍රිකුණාමල අලි වංගුවේදී බස්-වෑන් එකිනෙක ගැටී දෙදෙනෙක් මරුට

-35කට තුවාල

by sachintha
February 3, 2025 1:29 am 0 comment

හබරණ ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ අලි වංගුව ප්‍රදේශයේ පෙරේදා (01) පෙරවරු එකොළහට පමණ පෞද්ගලික බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරින් දෙදෙනකු මියගොස් තවත් තිස්පස් දෙනකු තුවාල ලබා හබරණ ප්‍රාදේශීය රෝහලට සහ දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව හබරණ පොලීසිය කියයි. මේ අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ රියැදුරු වන ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි දෙදරු පියෙක් සහ බස් රථයේ ගමන් ගත් හික්කඩුව ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක් බව හබරණ පොලීසිය පවසයි. ගාල්ල, හික්කඩුව ප්‍රදේශයේ සිට වන්දනා නඩයක් රැගෙන ත්‍රිකුණාමල ප්‍රදේශයට ගමන් කරමින් තිබූ බස් රථයක් හා කින්නියා ප්‍රදේශයේ පදිංචි අයකු විදේශගත වීමට කටුනායක බලා ධාවනය කරමින් තිබූ වෑන් රථයක් ගැටී මේ අනතුර සිදුව ඇත. අනතුරෙන් කාන්තාවන් විසි දෙදෙනකු සහ පිරිමි පුද්ගලයන් දහ තුන්දෙනකු තුවාල ලබා ඇති අතර, තුවාලකරුවන් හත් දෙනකු හබරණ ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, සෙසු පිරිස දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් හබරණ පොලීසිය පවසයි.

අනතුරට හේතුව වෑන් රථයේ රියැදුරුට නින්ද යෑම බව හබරණ පොලීසිය කියයි.

සිරිපුර – මදුෂානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT