Tuesday, May 6, 2025
Home » රියැදුරුට නින්ද ගිහින් මෝටර් රිය බදුලු ඔයට වැටී හතකට තුවාල

රියැදුරුට නින්ද ගිහින් මෝටර් රිය බදුලු ඔයට වැටී හතකට තුවාල

by sachintha
February 3, 2025 1:29 am 0 comment

බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ හාලිඇළ, උඩුවර, නිල්බෝවිල ප්‍රදේශයේදී ඉකුත් 31 වැනි දින සවස දියතලාව රෝහලේ වෛද්‍යවරයකු ගමන් ගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බදුලු ඔයට පෙරළීමෙන් එහි සිටි ඔහුගේ දරුවන් දෙදෙනා ඇතුළු කුඩා දරුවන් සිවු දෙනෙක් සහ ගැබිනි මවක් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි. මොවුන් බදුල්ල සිට බණ්ඩාරවෙල දක්වා ගමන් කරමින් සිටියදී අනතුර සිදුව ඇත. රියැදුරුට නින්ද යෑමෙන් අනතුර සිදුවන්නට ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. ප්‍රදේශවාසීන් සහ මාර්ගයේ ගමන් ගත් පිරිස් එක්ව මෝටර් රථයේ සිරව සිටි පිරිස පිටතට ගෙන රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත. අනතුරින් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව ඇත.

බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී. එම්. ජයරත්න මහත්වරුන්ගේ උපදෙස් මත, හාලිඇළ පොලිස් ස්ථානාධිපති පොලිස් පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලක මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

මීගහකිවුල – සමූහ එන් නවරත්න සහ සී. ගමගේ – සොරණාතොට සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT