79
බහලුම් තදබදය අවසන් කිරීමට ශ්‍රී ලංකා රේගුව ආරම්භ කළ දින 4හි කඩිනම් බහලුම් නිෂ්කාශන වැඩසටහන සාර්ථක බව ශ්‍රී ලංකා රේගුව පවසයි. එම වැඩසටහන යටතේ බහාලුම් නිෂ්කාශන කටයුතු සිදුකෙරෙන තොටළග ආර්.සී. ටී. අංගණයේ බහාලුම් නිෂ්කාශනය මේ වනවිට යථා තත්ත්වයට පත්ව ඇති අතර ඔරුගොඩවත්ත ග්‍රේ ලයින් 01 හා ග්‍රේ ලයින් 02 අංගණවල නිෂ්කාශන කටයුතු කඩිනම්ව ඇතැයි ද ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සපුමල් ජයසුන්දර මහතා දිනමිණට පැවසීය.
ආනයනකරුවන් හා වාප්පු ලිපිකරුවන්ගෙන් මෙම දින 4 කඩිනම් බහාලුම් නිෂ්කාශන වැඩසටහන සඳහා ලැබුණු සහයෝගය අගය කළ ඒ මහතා එවැනි සහායක් ඉදිරියටත් ඔවුන්ගෙන් බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
රන්මලී සෝමසිරි