Home » 2023දී ගෘහ සේවයට කතුන් පුහුණු නොකර රට යවලා

2023දී ගෘහ සේවයට කතුන් පුහුණු නොකර රට යවලා

-කාර්යාංශයට මිලියන 631ක පාඩුවක්

by sachintha
February 3, 2025 12:39 am 0 comment

පළමු වතාවට විදෙස්ගත වන ගෘහසේවිකාවන් සඳහා නියමිත නේවාසික පුහුණුව නොදී ගෘහ සේවිකාවන් 28,165ක් විදේශගත කිරීම හේතුවෙන් රුපියල් මිලියන 631ක පුහුණු ආදායමක් කාර්යාංශයට අහිමි වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. පළමු වතාවට විදේශගතවන ගෘහසේවිකාවන්ට රුපියල් 22,410ක ගාස්තුවක් අයකර දින 28ක (NVQ Level 3) නේවාසික පුහුණුවකට යොමු කෙරෙයි.

නමුත් 2023 ජනවාරි සිට 2024 මැයි 29 දින දක්වා කාල පරිච්ඡේදයේදී පළමු වතාවට විදේශගත වූ මෙම ගෘහ සේවිකාවන් 28,165 දෙනා අදාළ පුහුණූවට යොමු කර නොමැති බව ද එම වාර්තාවෙන් පෙන්වා දෙයි.

ගෘහස්ථ අංශයේ රැකියාවන් සඳහා ප්‍රථම වරට විදේශගත වන මෙම ගෘහ සේවිකාවන්ට බෙදා දීම සඳහා රුපියල් 5,000ක් වටිනා සතොස වවුචර්පත් 14,000ක් සහ රුපියල් 2,500ක් වටිනා වවුචර 28,000ක් සියයට 1ක වට්ටමක් යටතේ 138,600,000කට මිල දී ගෙන ඇත්තේ 2023 ඔක්තෝබර් 13 දිනය. 2024 අගෝස්තු 14 වන විටත් ඉන් රුපියල්128,229,300ක් වටිනා වවුචර පත් 13,005ක් ඉතිරිව තිබේ.

ප්‍රථම වතාවට විදේශගතවන කාන්තාවන් පෙර විදේශගතව සිටි බවට ලියකියවිලි ඉදිරිපත් කර පුහුණුවෙන් නිදහස් කර තිබීම හා උත්සවය පැවැත්වීම ප්‍රමාද වීම මේ සඳහා හේතු වී තිබුණු බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

රන්මලී සෝමසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT