රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත්, කටුනායක ගුවන්තොටුපොළ ව්‍යාපාරිකයන් සඳහා වූ Òරක්ත මාවතÓ (Red Channel) ඔස්සේ පැමිණි, ව්‍යාපාරික ගුවන් මගියකු සහ ඔහු රැගෙන යාමට පැමිණි පුද්ගලයෙකු ඉකුත් 31 වැනිදා පස්වරුවේ ගුවන්තොටුපොළෙන් පිට වී යමින් සිටියදී, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු හංවැල්ල ප්‍රදේශයේ පදිංචි නිතර ගුවන් ගමන්වල නිරත වෙමින්, කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ විදේශීය නිෂ්පාදිත භාණ්ඩ මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ නිරත 36 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු ඉකුත් 31 වැනිදා දහවල් 11.15ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඉන්පසු ඔහු කටුනායක ගුවන්තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය වෙත ගොස් තවත් භාණ්ඩ තොගයක් ද මිලට ගෙන තිබේ.
අමෙරිකානු ඩොලර් 100ට වැඩි වටිනාකමකින් යුතු භාණ්ඩ කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ රැගෙන එන ව්‍යාපාරිකයන්, ගුවන්තොටුපොළ රේගු පරිශ්‍රයේ පිහිටි ‘රක්ත මාවතÓ ඔස්සේ පැමිණ, එහි සේවයේ නිරත රේගු නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළ යුතුය.
පසුව ඒ සියල්ල නිමා කළ මොහු ගුවන්තොටුපොළෙන් පිට වී යමින් සිටියදී, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ කිලෝග්‍රෑම් 02ක බරකින් යුතු Òකුෂ්Ó මත්ද්‍රව්‍ය තොගය සඟවා ගෙන තිබූ අතර, මෙම ව්‍යාපාරිකයා ගුවන්තොටුපොළේ සිට රැගෙන යාම සඳහා පැමිණ සිටි උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු ඉකුත් වසරේ නොවැම්බර් මස සිට මෙම වසරේ ජනවාරි මස 31 වැනිදා දක්වා කාලසීමාව තුළ හත් වරක් මේ ආකාරයට කටුනායක ගුවන්තොටුපොළ රක්ත මාවත ඔස්සේ , Òකුෂ් Ò මත්ද්‍රව්‍ය තොග රැගෙන ආ බව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදු කළ මූලික විමර්ශන කටයුතුවලදී අනාවරණය කරගෙන තිබේ.
මොවුන් දෙදෙනා සහ ඔවුන් විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ Òකුෂ්Ó මත්ද්‍රව්‍ය තොගය නීතිවිරෝධී ආනයනය කිරීම, ජාවාරම් කිරීම සහ සන්තකයෙහි තබා ගැනීම යන චෝදනා යටතේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කටුනායක – ටී.කේ.ජී.කපිල