වේවැල්වත්ත, ගලබඩ 58 හැවිරිදි විවාහක කාන්තාව ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ දෙකහමාරක් වටිනා රන් මාලය සහ පෙන්ඩනය පැහැර ගැනීමට බව සැකකරු ප්‍රකාශ කළ බව පොලීසිය පවසයි.
කසිප්පු ජාවාරමකට සම්බන්ධ 35 හැවිරිදි පුද්ගලයෙකු මෙම ඝාතනය සම්බන්ධයෙන් රත්නපුර වේවැල්වත්ත පොලීසිය විසින් පෙරේදා (01) අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනයේ සුලමුල අනාවරණය විය.
කේ.එස්. සෝමාවති නම් කාන්තාවකගේ සිරුර ඉකුත් 30 වැනිදා රාත්‍රී හමුවූ අතර ඇයගේ මරණය අබිරහස් ඝාතනයක් නිසා වේවැල්වත්ත පොලීසිය විසින් පොලිස් නිල සුනඛයෙකුගේ සහායද ලබාගෙන පරීක්ෂණ සිදු කළත් සැකකරු ගැන හෝඩුවාවක් ලැබී නැත.
රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් වටිනා රන් මාලය සහ පෙන්ඩනය අතුරුදන් වීම ගැන අවධානය යොමු කළ පොලීසිය ඒ ගැන විමර්ශන සිදු කළ අතර රක්වාන ප්‍රදේශයේ සිට ගලබඩට පැමිණ තේ වත්තක වැඩ කරමින් සිටි තරුණයෙකු ගැන සැක මතුවීමෙන් පසු ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමෙන් ඝාතනයේ සුලමුල අනාවරණය විය.
ප්‍රදේශයේ තේ වත්තක තේ ගසක් යට සඟවා තිබූ රන් භාණ්ඩ පොලීසිය විසින් සොයා ගනු ලැබීය. සැකකරු කලක් කසිප්පු ජාවාරමකට සම්බන්ධව සිටි වරෙන්තුකරුවෙකු බවද පොලීසිය පවසයි.
පසුගිය 30 වැනිදා රාත්‍රී 7.00ට පමණ වේවැල්වත්ත පොලිස් බලප්‍රදේශයේ ගලබඩ ප්‍රදේශයේ කුරුඳු වත්තක බෑවුමක් සහිත ප්‍රදේශයකට කාන්තාව ඇදගෙන ගොස් ඇත්තේ නිෙවස අසල දී ගෙල මිරිකා ඝාතනය කිරීමෙන් පසුව බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
ඉකුත් 30 වැනිදා පස්වරු 6.20ට පමණ මියගිය කාන්තාවගේ සැමියා වෙළෙඳසලකට ගොස් නිෙවසට පැමිණි විට බිරිය නොසිටි නිසා ඒ ගැන විපරම් කර ඇතැයි සැමියා පොලීසියට ප්‍රකාශ කර තිබේ.
අසළ වතුයායක මුරකරුවෙකු ද සමඟ බිරිය සෙවුවද ඇය නොසිටි නිසා 119 දුරකතන අංකයට දැනුම් දීමෙන් පසු වේවැල්වත්ත පොලීසියේ නිලධාරීන් පිරිසක් පැමිණ තිබේ.
මියගිය කාන්තාවගේ නිෙවසේ සිට මීටර් 150ක් දුරින් පිහිටි කුරුඳු වත්තකට ගොස් බලද්දී පුද්ගලයෙකු බිම දිගේ ඇදගෙන ගිය ලකුණු පෙනෙන්නට තිබූ නිසා පොලීසිය ඒ ඔස්සේ ගොස් කැළෑ රොදක් වූ බෑවුමක සිරුර තිබියදී සොයා ගෙන තිබුණි.
මියගිය කාන්තාව තම සැමියා සමඟ මෙයට මාස හතරකට පෙර ගලබඩ වතුයාය අසල පුද්ගලික වත්තකට පැමිණ එහි නිෙවසක ජීවත්වී ඇතැයි පොලීසිය පවසයි.
වේවැල්වත්ත පොලීසියේ මෙෙහයවීමෙන් පරීක්ෂණ සිදු කෙරේ.
කහවත්ත – ලසන්ත නිරෝෂණ පෙරේරා
බලංගොඩ – සම්පත් ප්‍රීයනන්දන