Sunday, May 11, 2025
Home » ලක්ෂ හැටක් වටිනා මැණික් ගුද මාර්ගයේ සඟවාගෙන ‘හරිත මාවතෙන්’ පිටවෙමින් සිටි දෙදෙනෙක් මාට්ටු

ලක්ෂ හැටක් වටිනා මැණික් ගුද මාර්ගයේ සඟවාගෙන ‘හරිත මාවතෙන්’ පිටවෙමින් සිටි දෙදෙනෙක් මාට්ටු

by sachintha
February 3, 2025 1:22 am 0 comment

රුපියල් ලක්ෂ හැටක් වටිනා මැණික් තොගයක්, සිය සිරුරුවල ගුද මාර්ගයේ සඟවා ගෙන, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති

‘හරිත මාවත’ (Green Channel) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මඟීන් දෙදෙනෙකු ඉකුත් 31 වැනිදා උදෑසන කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් දෙදෙනා බේරුවල ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරය හා සම්බන්ධ වෘත්තීන්හි නියැළී සිටින 45 සහ 46 හැවිරිදි වියේ පසුවන පිරිමි පුද්ගලයන් දෙදෙනෙකි.

මොවුන් දෙදෙනා ඉකුත් 31 වැනිදා උදෑසන 10.00ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 192 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.

මොවුන් කැරට් 300ක් බරැති පුෂ්පරාග සහ නිල්කුරුවින්ද වර්ගවල මැණික් ගල් 54ක්, සිය සිරුරුවල ගුද මාර්ගයේ සඟවා ගෙන සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටුනායක ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂ තිළිණි පීරිස් මහත්මියගේ උපදෙස් මත ගුවන්තොටුපොළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ රොහාන් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කරමින් සිටියි.

කටුනායක – ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT