Sunday, May 11, 2025
Home » මොරටුව සාන්ත සෙබස්තියන් තෙවැනි පූර්ණ ජය ලබයි
19න් පහළ පාසල් ක්‍රිකට්

මොරටුව සාන්ත සෙබස්තියන් තෙවැනි පූර්ණ ජය ලබයි

by sachintha
February 3, 2025 12:54 am 0 comment

අවුරුදු 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ මෙවර තරගවාරයේ තම තෙවැනි පූර්ණ ජය වාර්තා කිරීමට මොරටුව සාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ.

කොළඹ සාන්ත ජෝසප් විදුහල සහ කොළඹ ආනන්ද විදුහල් ද මේ තරගවලදී ජයග්‍රහණ වාර්තා කළහ.

මහනුවර ධර්මරාජ විදුහලට එරෙහි තරගයේදී පිත්තෙන් දස්කම් දැක්වූ කඳාන දි මැසිනෝද් විදුහලේ ආරම්භක පිතිකරු ශරිත් සුදීන ලකුණු 184ක් සහ නේෂාන් ඩයස් නොදැවී ලකුණු 108ක් රැස් කළේය. මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ රයන් දිසානායක මලියදේව විදුහලට එරෙහිව කඩුලු 11ක් දවාලීමට සමත් විය.

මොරටුව සා. සෙබස්තියන් විදුහලට කඩුලු 10ක ජයක්

මලියදේව පළමු ඉනිම – 119 (ඕවර 41.5) රජිත් නවෝද්‍ය 43, සංදීප චමෝද් 25 (රයන් දිසානායක 24/5, රිසිනු ප්‍රභාත් 27/2, මලින්ත සිල්වා 42/2) සහ දෙවැනි ඉනිම – 100 (ඕවර 23.5) විනුක ගලප්පත්ති 46 (රයන් දිසානායක 54/6, මලින්ත සිල්වා 46/4)

සා. සෙබස්තියන් පළමු ඉනිම – 173 (ඕවර 51.5) නවෝද් ප්‍රනාන්දු 56, ෂෙෆාන් ප්‍රනාන්දු 27, අදේෂ් අල්මේදා 25 (ඩිමාත් අබේසිංහ 34/4, දම්ලත් නිෂාර 12/3) සහ දෙවැනි ඉනිම – 49/0 (ඕවර 6.1) උෂේන් සිල්වා නොදැවී 38

දි මැසිනෝද්-ධර්මරාජ තරගය ජය පරාජ නෑ

දි මැසිනෝද් පළමු ඉනිම – 421/3 (ඕවර 93) ශරිත් සුදීන 184, නේෂාන් ඩයස් නොදැවී 108, ඩිනෝෂ් ජෙලෝන් 72, බිනාල් මෙන්ඩිස් 22 (දක්ෂික මනුකල්ප 99/2) සහ 14/0 (ඕවර 2)

ධර්මරාජ පළමු ඉනිම – 204 (ඕවර 93.2) ලක්වින් අබේසිංහ 80, තරිඳු වර්ණකුල 54, ඔනිජ සේසත් 29 (ඩිනෝෂ් ජෙලෝන් 26/3, නේෂාන් ඩයස් 22/2, සිනෙත් ඉඳුවර 28/2)

කොළඹ සා. ජෝසප් විදුහලට ඉනිමක සහ ලකුණු 46ක ජයක්

සා. ජෝසප් පළමු ඉනිම – 310/8 (ඕවර 59) මානස මධුභාෂණ 77, සෙනුජ වැකුණුගොඩ 71, දුනික් පෙරේරා නොදැවී 50, නිම්තක ගුණවර්ධන 49, කෙනාත් ලියනගේ 25 (ෂාරුජන් ෂන්මුගනාදන් 89/3)

කොටහේන සා. බෙනඩික්ට් පළමු ඉනිම – 121 (ඕවර 32.5) ෂාරුජන් ෂන්මුගනාදන් 88 (යෙනුල දෙව්තුස 21/4, නුෂාන් පෙරේරා 46/3, මානස මධුභාෂණ 20/2) සහ දෙවැනි ඉනිම – 143 (ඕවර 42.2) ෂාරුජන් ෂන්මුගනාදන් 39 (යෙනුල දෙව්තුස 33/5, නුෂාන් පෙරේරා 53/5)

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT