ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවර පැවති 40 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී එහි දෙවන ස්ථානය දිනා ගෙන එම තරගාවලියේ අනූශූරතාවය හිමි කර ගත් ඉෂාදි අමන්දා අද (04) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
මෙම තරගාවලිය ඉකුත් 01/30 දින ලෝකයේ රටවල් 40 ක විවාහක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .
ඉෂාදි අමන්දා 02/04 දින අලුයම 01.55 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 658 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ
ඉෂාදි අමන්දා ගේ දෙමාපියන් , සැමියා සහ දියණිය ප්‍රංශයේ පදිංචි වී සිටිති.
ඉෂාදි අමන්දා සහභාගී වූ මෙම තරගාවලිය පිළිබඳ ඇයට අමතරව , ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු රුක්මාල් සේනානායක යන මහත්වරු ද , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ සුභාෂිණි පෙරේරා , එහි සහකාර අධ්‍යක්ෂ සුරේෂණී පිළපිටිය ඇතුළු මෙම ක්ෂේත්‍රයේ විශාල පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .