Home » දියණිය ඉදිරිපිට බිරිඳ ඝාතනය කළ සැමියා පොලිසියට භාරවෙයි

දියණිය ඉදිරිපිට බිරිඳ ඝාතනය කළ සැමියා පොලිසියට භාරවෙයි

by yasara
February 4, 2025 1:14 pm 0 comment

තම දියණියගේ නිවසේ නිදාගෙන සිටි බිරිදව පිහියකින් ඇණ ඝාතනය කර සැමියා (04) දින අලුයම නාවලපිටිය පොලිසියට භාර වි ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක් වි ඇත්තේ නාවලපිටිය සෙම්රොක් ප්‍රදේශයේ පදිංචිව සිටි ගයානි දිල්රුක්ෂි කුමාරි (46) හැවිරිදි තිදරු මවකි.

සිය සැමියා සමග නිරන්තරයෙන් ආරවුල් ඇති වන නිසා ඇය දියණියගේ නිවසේ නැවති සිටි බවත්, ඇය කොළඹ ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කර දානමය පිංකමකට සහභාගි විම සදහා ඊයේ (03) දින නාවලපිටිය ප්‍රදේශයට පිහිටි දියණියගේ නිවසට පැමිණ නතර වි සිටි ඇත.

අද (04) දින අලුයම 1.30 ට පමණ පිහියක් සහිතව නිවසේ පහල මහලේ ජනේලය මතින් හොර රහසේ නිවසට ඇතුල් වු පියා නිවසේ කාමරයේ නිදාගෙන සිටි මවට පිහියෙන් ඇණිමත් සමග මව බේරිම සදහා නිවසෙන් පිටතට දිවගිය බවත්, මව පිටුපසින් හබා ගිය පියා නිවසෙන් පිටතදි යලිත් මවට පිහියෙන් ඇණ ගලකින් හිසට ගසා මව ඝාතනය කල බවට ජිවිතක්ෂයට පත් කාන්තවගේ දියණිය විසින් පොලිසිය ප්‍රකාශ කර ඇත.

මව බේරිමට ගිය දියණියට තුවාල සිදු වි ඇති බවත්, මෙම ඝාතනය පවුල් ආරවුලක් මත සිදු ඝාතනයක් බවත්, ජිවිතක්ෂයට පත් කාන්තාව සහ සැකකාරු සැමියා කාලයක් තිස්සේ වෙන් වි ජිවිත් වි ඇති බව සිදු කරන ලද මුලික විමර්ෂණ වලදි අනාවරණය වු බව ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

සැකකරු යුධ හමුදාවේ සේවය කර පසුව වෛද්‍ය වාර්තා අනුව සේවයෙන් ඉවත් වු පුද්ගලයෙකු බවද පොලිසිය පැවසිය.

නාවලපිටිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණ සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවද ස්ථානාධිපතිවරයා පැවසිය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT