හැත්තෑ හත්වැනි නිදහස් දිනය නිමිත්තෙන් අද (04) දිනයේ සිරකරුවන් 285 දෙනකුට විශේෂ රාජ්‍ය සමාව හිමිව තිබේ. මෙයින් 6 දෙනකු කාන්තාවන් වෙති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34-1 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මේ සිරකරුවන්ට විශේෂ පොදු සමාව මේ අනුව හිමි වී ඇත. සුළු වරද සම්බන්ධයෙන් සිරගත කළ සිරකරුවන් මෙම නිදහසට හිමිකම් කියන බවත් ඒ අතරින් ගෙවීමට ඇති දඩ මුදල් අහෝසි වූ සිරකරුවන් සහ නියම වූ සිරදඬුවමින් වසරකට සතියක කාලයක් සමාවට යටත් විම මත අදාළ සිරකරුවන් එම නිදහස ලබා ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී.බී. දිසානායක මහතා කියයි.
ඒ අනුව අද (04) දින නිදහස ලබන සිරකරුවන් අතරින් වැඩිම සංඛ්‍යාවක් වාරියපොළ බන්ධනාගාරයෙන් පිටත්ව යන අතර එම සංඛ්‍යාව 33කි. මහර බන්ධනාගාරයෙන් සිරකරුවන් 31ක් ද, අනුරාධපුරයෙන් 11ක් ද, කළුතරින් 19ක් ද, වැලිකඩින් 15ක් ද වශයෙන් මෙරට බන්ධනාගාර ආයතන 29 කින් සිරකරුවන් 285 දෙනකු පිටව යාමට නියමිතය.
අද (04) නිදහස ලබන රැඳවු කාන්තාවන් මීගමුව බන්ධනාගාරයෙන් දෙදෙනකුද වැලිකඩ, අනුරාධපුර, අඟුණකොළපැලැස්ස, වාරියපොළ බන්ධනාගාරවලින් ඒක් රැඳවු කාන්තාව බැගින් ද නිදහස ලබා තිබේ.
බුද්ධිකා ඉඹුලාන