52
ආනයනික කන්ටේනර් 323ක් රේගු පරීක්ෂාවෙන් තොරව නිෂ්කාශනය කළ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් විමර්ශනයට මුදල් අමාත්‍යාංශය මඟින් කමිටුවක් පත්කර තිබේ.
අදාළ විමර්ශන කමිටුව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ.කේ. සෙනවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන අතර කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ අතිරේක ලේකම් එස්.බී. ජයසුන්දර, වෙෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.පී. කුමාර, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.පී. කුරුම්බලපිටිය සහ ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සපුමල් ජයසුන්දර මහත්වරු පත් කර තිබේ.
ජයසිරි මුණසිංහ, සුභාෂිණී සේනානායක