Sunday, May 11, 2025
Home » මොනරාගල ඇතිමලේ පාර පිළිසකර කර දෙන්න

මොනරාගල ඇතිමලේ පාර පිළිසකර කර දෙන්න

by sachintha
February 4, 2025 12:58 am 0 comment

මොනරාගල ඇතිමලේ ගමගල ප්‍රධාන මාර්ගය මිහිපිට අපායක තතත්වයට අබලන් වී ඇති බවට ගම්වැසියෝ චෝදනා කරති.

වසර ගණනාවක් මුළුල්ලේ ආණ්ඩු ගණනාවක් මාරුවෙන් මාරුවට පාලනය ගෙන ගිය ද ඌව පළාතට අයත් මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව කොට්ථාසයට අයත් ඇතිමලේ ගමගල ප්‍රධාන මාර්ගය තවමත් ගල් යුගයේ තත්වයේ පවතින බවටද ඔවුහු මැසිවලි නඟති.

‘උදේ සවස පාසල් ළමුන් සිය ගණනක් මේ පාරෙ ගමන් කරනවා. ඡන්දෙ ළංවෙනකොට උඩින් පල්ලෙන් පාර සූරලා පාර ප්‍රතිසංස්කරණය කරනවා වගේ මවාපෑමක් කරලා ගමේ මිනිස්සුන්ව රවට්ටනවා. හදිස්සියක් වුනත් අපිට රෝහලට යන්න වෙන්නෙත් මේ පාරෙන්. අදාළ බලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ ආණ්ඩුවෙන්වත් මේ පාර පිළිසකර කර දෙන ලෙසයි’ යනුවෙන් ප්‍රදේශවාසීහු පවසති.

මලිඳු තෙන්නකෝන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT