පොලීසියෙන් එද්දී ව්‍යාපාරිකයා කලන්තෙ දමා වැටිලා
කෝටි 7ක් වටිනා වාහන 5ක් අල්ලයි
‘පොල්කොටුවේ ගඩ්ඩා’ යැයි අන්වර්ථ නාමයෙන් හඳුන්වන කලවානේ කෝටිපති වාහන අලෙවිසල් හිමිකරුවකුට අයත් බව කියන කොටස් එකලස් කර සකස් කර ඇති බවට සැක කරන රුපියල් කෝටි 7ක් පමණ වටිනා වාහන 5ක් වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් පෙරේදා (2) සිදුකරන ලද වැටලීමකදී පොලිස් භාරයට ගැනිණ.
මෙම වැටලීමට පැමිණි පොලිස් නිලධාරීන් තමන් ‘වලානෙන්’ යැයි තමන්ව හඳුන්වා දෙන විට ‘පොල්කොටුවේ ගඩ්ඩා’ නමැති මෙම ව්‍යාපාරිකයා බියට පත්ව සිහිසුන්ව ඇද වැටී තිබේ. වහාම ක්‍රියාත්මක වූ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් ඔහුව රත්නපුර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. පොලිස් භාරයට ගත් වාහන අතර මෝටර් රථ දෙකක්, ජිප් රථ දෙකක් සහ ඩිෆෙන්ඩර් රථයක් ඇතැයි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කළේය.
මෙම වාහන අලෙවිසල් ව්‍යාපාරිකයා ව්‍යාජ එන්ජින් අංක හා චැසි අංක කොටා කූඨලේඛන සකස් කර වාහන අලෙවි කර කෝටි ගණන් මුදල් උපයන බවට මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව බුද්ධි නිලධාරීන් යොදා සිදු කළ අවේක්ෂණයකින් අනතුරුව වැටලීම සිදු කර ඇත. මෙම වාහන 5 තිබී ඇත්තේ සඟවා බවත්, ඒවා රුපියල් කෝටි 7ක් පමණ වටිනා බවත් නිලධාරීහු අනාවරණය කළහ. වාහන අතර ගර්භිත තත්ත්වයේ ඇති ධාවනය කළ නොහැති ජපන් කැල්ටස් වර්ගයේ මෝටර් රථයක් ඇති බවත්, එම රථයේ වැසි අංකය සහ චැසි කොටස එම රථයෙන් කූඨ ලෙස ඉවත් කර තිබූ බවත් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පැවසීය. ජපන් සුසුකි වර්ගයේ රථයක් ද එහි තිබී සොයා ගැනුණු අතර, එම රථයේ චැසි බඳ කොටසට පෑස්සුම් කර බද්ධ කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
මෙම ව්‍යාපාරිකයා මෙහි ඇති ඇතැම් වාහන Òඅධ්‍යාපන අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරියÓ ලෙස සටහන් කළ බෝඩ් ප්‍රදර්ශනය කරමින් ධාවනය කර ඇති බවට ද තොරතුරු විමර්ශනයේදී අනාවරණය වූ බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ උසස් නිලධාරියකු පැවසීය.
මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්යක්ෂ පොලිස් අධිකාරි කේ.ඒ. උදය කුමාර මහතාගේ අධීක්ෂණයෙන් එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන සඳරුවන්, ජයවීර, මධුෂාන් පොලිස් සැරයන්වරුන් වන ජයලාල් (428), කරුණාදාස (30115), මධුරංග (61746), ප්‍රේමරත්න (67237) ඉන්දික (75056), පොලිස් කොස්තාපල්වරුන් වන උදය කුමාර (84889), බාලසූරිය (77090), රණතුංග (98677), ගයාන් (99635), ලසිත (100291), දිල්ශාන් (104327), දිල්හාර (102354), පොලිස් කොස්තාපල් රියැදුරු තිසර (80501), අබේරත්න (89631), සිල්වා (105529) යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
ගයාන් කුමාර වීරසිංහ, මලිඳු තෙන්නකෝන්, කළුතර මධ්‍යම විශේෂ, හල්තොට සමූහ විනීතා මානෙල් ගමගේ, පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක, බණ්ඩාරගම – බිමල් ජයසිංහ