උතුරු අමෙරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මේරිලන්ඩ් බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති කටුගස්තොට උපරතන හිමි
හැම ආගමකටම වඩා බුදුදහම වෙනස් සහ සුවිශේෂයි. මොකද බුදුරජාණන් වහන්සේ මනුස්සයෙක් හැටියට ඉපදිලා බුද්ධත්වය ලබාගෙන බුදුවරයෙක් හැටියට පිරිනිවන් පෑවා. මුලින් එයාලා අපිට ලොකු විරෝධතාවයක් දැක්වුවා.
රටේ පවතින වත්මන් වාතාවරණය සැලකිල්ලට ගෙන ජනතාවගේ ආර්ථික මට්ටම සවිමත් කිරීමෙහිලා අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙන්ම දුෂ්කර ප්‍රදේශයන්හි වෙහෙර විහාරස්ථාන සංවර්ධනය කිරීම, අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් සහන ලබාදීම, රෝහල් හා පාසල් සඳහා උපකාර කිරීම මෙන්ම ‘උපරතන පාරමිතා පදනම’ මඟින් ක්‍රියාත්මක කරන වැඩසටහන් ආදිය සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් සරසවියේ බෞද්ධ දර්ශනය හා භාවනාව පිළිබඳව උපදේශක මෙන්ම අෙමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සිංහල භාෂාව සහ සංස්කෘතිය පිළිබඳ හිටපු උපදේශක, උතුරු අමෙරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මේරිලන්ඩ් බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති කටුගස්තොට උපරතන නායක හිමියෝ සමඟ කළ සංවාදයකි.
අමෙරිකාවේ බෞද්ධ ධර්ම ප්‍රචාරක කටයුතුවල ඉතිහාසය පිළිබඳව කුමක් කිව හැකි ද?
මම අමෙරිකාවට ගියෙ 1982 වසරේ මුල් භාගයේ. මගේ ගුරු දේවයන් වහන්සේ අමෙරිකාවේ ථේරවාදී බුදු දහම ගැන, භාවනාව ගැන විශ්වවිද්‍යාලවල දේශනා පවත්වමින් ඒ වගේම ධ්‍යාන සම්බන්ධව පොත්පත් ලියමින් අමෙරිකන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය ලබාගෙන මේ වෙනකොට ඉංග්‍රීසියෙන් ථේරවාදී ධර්මයේ දර්ශනය හා භාවනාව ගැන පොත් විශාල ප්‍රමාණයක් ලියා තිබෙනවා. එක් පොතක පොත භාෂාවල් තිස් ගණනකට පරිවර්තනය වෙලා තිබෙනවා. ඒ නිසා භාවනාව, ත්‍රිපිටක ධර්මය හා ථේරවාද ධර්මය ගැන කටයුතු කරන්න උන්වහන්සේගේ ඇසුර නිසා මට අවස්ථාව ලැබුණා. මම කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ඉවර වුණ ගමන්ම උපාධි ප්‍රදාන උත්සවයටවත් හිටියෙ නැහැ. උන්වහන්සේගේ ආරාධනාව නිසා එහෙට යන්න වුණා. උන්වහන්සේගේ සහයට තමයි මම එතැනට ගියේ. වොෂින්ටන් නගරයේ එක එක රටවල්වල තානාපති කාර්යාල බොහෝමයක් තියෙනවා. නොයෙක් රටවල්වල අය එහේ ජීවත් වෙනවා. ඒ නිසා ලොකු පිරිසක් මුණගැසුණා. උගත් පිරිසක් ආශ්‍රය කරන්න හම්බ වුණා.
ස්වාමින් වහන්සේ නමක් විදියට ඒ රටවල්වල පාරක පවා යනකොටත් හුඟක් ප්‍රශ්න තියෙනවා. මොකද ඒ අයට ගොඩක් හුරු දෙයක් නෙමෙයි. ඒකම උදවුවක් වුණා Òමම භික්ෂුවක්Ó කියලා ධර්මය කියලා දෙන්න. ඒ කාලෙ සමාජයේ බුද්ධාගම ගැන ලොකු අවබෝධයක් තිබුණෙ නැහැ. එයාලා හිතුවෙ මම ඉන්දියාවේ හෝ ඉන්දියන් ආගමකට සම්බන්ධ කෙනෙක් කියලා. මම එහේ ඉගෙන ගන්න කාලෙ තවත් උපාධියක් කළා. වොෂින්ටන් නගරයේ තිබෙනවා UDC කියලා. ඒකෙ ඉගෙන ගත්තා. එතකොට විදේශ රටවල්වල පිරිස් හමුවෙනවා. එතකොට අවස්ථාව හම්බ වුණා Òමොකක්ද බුද්ධාගම කියන්නෙ, බුදු හාමුදුරුවො කියන්නෙ කවුද, මොකද්ද මේ සිවුර කියන්නෙÓ කියලා අහන ප්‍රශ්නවලට පිළිතුරු සමාජගත කරන්න. ඒ තුළින් මට මගේ කටයුත්ත මඟතොටේ දී පවා සිදු කරන්න වුණා. ධර්ම ප්‍රචාර කටයුතු ආරම්භ වෙන්නෙ එතැනිනුයි. නායක හාමුදුරුවන්ගේ අනුදැනුම, උපදෙස් මට ගොඩක් උදවු වුණා උන්වහන්සේ යන මාර්ගයේම යන්න. ඒ නිසාවෙන් මම අනෙක් ආගමිකයන් සමඟ එකතු වෙලා වොෂින්ටන් කියන නගරයේ වැඩ කළා. බෞද්ධ ආගමේ යමක් තිබුණම ඒ අය මට මතක් කරනවා.
අමෙරිකාවේ බෞද්ධ ජනතාව අතර බුදු දහම සහ දර්ශනය පිළිබඳව ප්‍රචලිත කරනවා වගේම අෙමරිකානු ජනතාව අතරේ ඒ සබඳතාව නිර්මාණය කර ගත්තෙ කොහොම ද?
අමෙරිකාවෙ තිබෙන ප්‍රධාන විශ්වවිද්‍යාලයක් තමයි Amarican University කියලා කියන්නෙ. මට අවස්ථාව ලැබුණා බුදු දහම ගැන ඒ අයත් එක්ක සාකච්ඡා කරන්න, භාවනා කරන්න. ඒ අයට පල්ලියෙන් ලැබෙන දැනුවත්කමට අමතරව නිදහසේ බුද්ධාගම ගැන හොයන්න පටන් ගත්තා. හැම ආගමකටම වඩා බුදුදහම වෙනස් සහ සුවිශේෂයි. මොකද බුදුරජාණන් වහන්සේ මනුස්සයෙක් හැටියට ඉපදිලා බුද්ධත්වය ලබාගෙන බුදුවරයෙක් හැටියට පිරිනිවන් පෑවා. මුලින් එයාලා අපිට ලොකු විරෝධතාවයක් දැක්වුවා. අපි දෙවියෙක් අදහන්නෙ නැති බව කිවුවා. අපිට එක දෙවියෙක් නෙමෙයි දෙවිවරු රාශියක් ඉන්නවා කියලා පැහැදිලි කළා. ඒ වගේම බුදුහාමුදුරුවො, උන්වහන්සේගේ දර්ශනය, චතුරාර්ය සත්‍ය ධර්මය වගේම අටලෝ දහම ගැන අපි කතා කරනකොට එයාලට ප්‍රබෝධයක් ඇති වුණා. විවිධ පොත්පත් කියවන්න කියලා අපි කියනවා. ඒ අය ඒවා කියවලා ඇවිල්ලා ප්‍රශ්න අහනවා. පළාත් 50 ම ඉන්න පිරිස එක එක අවස්ථාවන්වලදී නගරයට එනවා. ඒ අය බෞද්ධ කටයුතු, බෞද්ධ විහාරය ගැන දැනගත්තම බොහොම ලේසියෙන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ අයගේ සහනය සඳහා ධර්මයේ තිබෙන වටිනාකම කියලා දෙන්න ලොකු අවස්ථාවක් ලැබුණා. සමහර ඉස්කෝලවල පවා සිහියෙන් වැඩ කිරීම පිළිබඳව උගන්වනවා. බුද්ධාගමේ තිබෙන වටිනාකම, පොත පතේ තිබෙන වටිනාකම හඳුන්වලා දෙනවා.
පසුගිය කාලයේදී ධවල මන්දිරයේ ප්‍රථම වතාවට වෙසක් උත්සවය සමරන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ පිළිබඳව කුමක් කිව හැකිද?
සර්වාගමික පදනම තුළත්, රටවල් ලෙස එකතු වෙලා එක බෞද්ධ සංගමයක් ලෙසත් එකතු වෙලා අනෙක් ආගම් සමඟත් සාමකාමීව ධර්මය සහ විමුක්ති රසය බෙදා හදා ගන්නවා. කාලයක් තිස්සෙ එකමුතුව වැඩ කරලා ඒකෙ ප්‍රතිඵලයක් විදියට පන්සල්වලට අපි ගිහිල්ලා ධර්ම සාකච්ඡා පවත්වනවා. ඒ දේවල් මාධ්‍ය මඟින් ප්‍රචාරය කරනවා. ඒ තුළින් ධර්ම ප්‍රබෝධයක් ඇතිව ශක්තිමත්ව වැඩ කරනවා. ඒ අනුව අපි ඉල්ලීම් කළාම නොයෙක් අවස්ථාවල අපි ප්‍රතික්ෂේප වුණා. නමුත් 2022 වසරේදී ජෝ බයිඩ්න් ජනාධිපතිවරයා යටතේ පැවති පාලන සමය තුළ ධවල මන්දිරය තුළ පැයක පමණ කාලයක් වෙසක් උත්සවය පවත්වන්න අපිට අවස්ථාව ලැබුණා. අපිට උවමනාව තිබුණෙ සංස්කෘතික දේවලුත් එකතු කරන්න. නමුත් ධර්ම සාකච්ඡාවක්, මල් පහන් පූජාවක්, බුදු හාමුදුරුවො වෙනුවෙන් වෙසක් පහන් පත්තු කිරීමක් ආදියෙන් අපි ආරම්භ කළා.
මේ වෙනකොට හතර වැනි අවුරුද්දත් ඉවරයි. දැන් පස් වෙනි අවුරුද්ද එන්නෙ. මේ මැයි මාසයේ අලුත් ජනාධිපතිවරයා යටතේත් අපි සූදානම් කරලා තිබෙනවා. ඒක ලොකු සතුටක්, ආඩම්බරයක් වගේම අපි කාලයක් බලන් හිටපු දෙයක්. මේ වෙනකොට අවුරුදු හතරක් අපි කිසිම කරදරයක් නැතුව කළා. ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. මීළඟට අපි බලාපොරොත්තු වෙන්නෙ ධවල මන්දිරය තුළ වෙසක් උත්සවයෙන් පස්සෙ වොෂින්ටන් ජනාධිපතිවරයා වෙනුවෙන් සාදා තිබෙන ස්මාරකයේ සංස්කෘතික සංදර්ශන සහිතව පෙරහරක් වගේ පවත්වලා සංස්කෘතික සංදර්ශන සහිතව වෙසක් උත්සවය සමරන්නයි. ඒ විදියට පෝෂණය කරලා වෙසක් උත්සවය පවත්වන්න අපි මේ අවුරුද්දෙ බලාපොරොත්තු වෙනවා.
ජෝ බයිඩ්න් ජනාධිපතිවරයාගේ ඇගයීමටත් ඔබවහන්සේ ලක්වුණා. ÒLife time achievement awordÓ ගෞරව සම්මානය පිළිබඳව සිහිපත් කරමු…
අපිත් හින්දු, කතෝලික, ක්‍රිස්තියානි හැමදෙනාම සමඟ වැඩ කරනවා. ජනාධිපතිවරයා හැම ආගමික නායකයෙකුටම ඇගයීම් කරන්න පටන් ගත්තා. අපිත් සමඟ වැඩ කරපු පිරිසගෙන් බෞද්ධ වැඩ කටයුතු කරන්නෙ මම නිසා ඒ නමත් දීලා තිබුණා. කාලයක් තිස්සෙ ඒ වැඩ කටයුතු කරන නිසාත් ඒ සඳහා කැපවෙන් නිසාත් ඒ අයගේ නිර්දේශයෙනුත් මාව ඇගයීමට ලක් වුණා. ඒ අවස්ථාව මටත්, ශ්‍රී ලාංකිකයන්ටත්, වොෂින්ටන්වල සිටින බෞද්ධ ජනතාවටත් ලොකු ආඩම්බරයක් කියලා කියන්න පුළුවන්. කවදාවකවත් එහෙම දෙයක් වෙලා තිබුණෙත් නැහැ, මම බලාපොරොත්තු වුණෙත් නැහැ. ඒ ගැන ලොකු අහිංසක සතුටක් තියනවා.
ඒ වගේම බටහිර වර්ජිනියාවේ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය ඉදිකිරීම පිළිබඳවත් කිව හැක්කේ කුමක් ද?
භාවනා කටයුතු ආදිය කරන්න වොෂින්ටන් නගරය කලබල වැඩියි. වොෂින්ටන් ඉඳලා හැතැක්ම 100ක් දුරින් පිහිටි බටහිර වර්ජිනියාව කියන ප්‍රාන්තයේ ඉඩමක් හම්බ වුණා. අක්කර 10 යි හම්බ වුණේ. අක්කර 10ට අෙමරිකානු දායකයන්ගෙන් සහ සිංහල පිරිසගෙන් උදවු අරන් ඒ දේ ආරම්භ කළා. ඒ ගොඩනැඟිල්ල හදන්න 1982 – 1983 වගේ තමයි ආරම්භ වෙන්නෙ. මම සති අන්තයේ වොෂින්ටන් ඉඳලා යාළුවො, දායකයො, නෑදෑයො ඔක්කොම එකතු කරගෙන කෑමත් හදාගෙන ගිහින් ගස් කපන කටයුතුවලට, පිරිසිදු කරන කටයුතුවලට වගේ හැම දෙයක්ම අපිට සිදු කරන්න වුණා. එතැන දැන් කාන්තාවන්ට සහ පිරිමි පුද්ගලයින්ට වෙන වෙනම ඉන්න නිර්මාණය කරලා තිබෙනවා. වෙන වෙනම කුටි නිර්මාණය කරලා තිබෙනවා. බුදු ගේ, පුස්තකාලය, දානශාලාව වගේ හැම දේකින්ම සමන්විත වුණා. පසුකාලීනව තවත් දියුණු වෙලා අක්කර 50 – 60ක ඉඩ ප්‍රමාණයක් තිබෙනවා. ඒ අතර තමයි වෙන වෙනම කුටි නිර්මාණය වෙලා තියන්නෙ.
අෙමරිකාවේ වෙසෙන ලාංකික බෞද්ධ ජනතාව පන්සල සමඟ තිබෙන සම්බන්ධතාවය කොහොම ද?
අමෙරිකාවේ සිටින ආසියාතික පිරිස සහ සිංහල පිරිස නැත්නම් පන්සලක් කරගෙන යන්න බැහැ. මොකද අපිට සිවුපසය දෙන්නෙ ඒ පිරිසයි. ඒ අය නැත්නම් අපේ පන්සලේ සේවාවන් අපිට කරගෙන යන්න පුළුවන්කමක් නැහැ. අෙමරිකන් පිරිසත් පන්සලේ තිබෙන වැඩසටහන්වලට වගේ දේවල්වලට එනවා. අෙමරිකන් ක්‍රමයට කිසි දෙයක් නොමිලයේ දෙන්නෙ නැහැනෙ. හැම දේකටම මිලක් තිබෙනවා. එ අය මුදල් ඉල්ලුවෙ නැත්නම් සහ කිවුවෙ නැත්නම් දෙන්නෙ නැහැ. නමුත් සමහර අවස්ථාවල දස දහස් ගණන් දෙන පිරිසකුත් ඉන්නවා. ඒ අයත් උදවු කරන්න ටික ටික පුරුදු වෙනවා.
නායක හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් අප රටට ලැබෙන ප්‍රතිලාභයන් තිබෙනවා ද?
මේ වෙනකොට නම් පොදු දේවල්වලට තමයි ප්‍රධානවම මූලිකත්වය දෙන්නෙ. මම මහණ වුණ ගමට සහ පන්සලට උදවු උපකාර කරනවා. ගොඩනැඟිලි, පාසල්, වෙහෙර විහාර, නිවාස, ශිෂ්‍යත්ව ලබා දීම් වගේ කටයුතුත් කරනවා. මට පෞද්ගලිකව සල්ලි එකතු කර ගන්න කිසිම වුවමනාවක් නැහැ. මුළු ශ්‍රී ලංකාවම මගේ පවුල විදියටයි මම සලකන්නෙ. ලංකාවේ කොහෙ හරි, කාට හරි උදව්වක් කරන්න ලැබුණොත් මම ඒක කරනවා. භික්ෂූන් වහන්සේ නමක්ද, ගිහි පුද්ගලයෙක්ද, දෙමළ කෙනෙක්ද, මුස්ලිම් කෙනෙක්ද, කතෝලික කෙනෙක්ද කියන එක මට අදාළ වෙන්නෙ නැහැ. මම මනුස්සයො වෙනුවෙන් ලෝකයට උපකාර කරනවා. පෞද්ගලිකව වගේම පොදුවේත් ගොඩක් මිනිස්සුන්ට උදවු උපකාර කරනවා. මගෙන් පස්සෙත් මේ දේවල් වෙන්න ඕනෙ නිසා මේ වෙනකොට ‘උපරතන පාරමිතා පදනම’ නිර්මාණය කරමින් යනවා.
‘උපරතන පාරමිතා පදනම’ පිළිබඳව කෙටි විග්‍රහයක් කළොත් පොදු වැඩක් කරන්න ඕනෙ කියලා තිබුණ අදහස නිසාමයි මේ දේ ආරම්භ කරන්න හිතුවෙ. ඒ අතරට පුරාවිද්‍යාත්මක දේවල් ගවේෂණය කරලා ඒ දේවල් ලෝකයාට දකින්න ඉඩ සැලැස්වීමත් ප්‍රධාන වෙනවා. ඒ වගේම පුළුවන් මට්ටමෙන් නිවෙස් හදා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රෝහල්වල අඩුපාඩු සපුරා දීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේ දේවල් තමයි දැනට මේ පදනමෙන් සිදු වෙන්නෙ. ඉදිරියට තවත් පිළිවෙළක් සහිතව කරන්න කටයුතු කරනවා.
සංවාදය – මහින්ද අලුත්ගෙදර
ඡායාරූප – චින්තක කුමාරසිංහ