ඉන්දියාව ලොව වැඩිම කොටිගහනයට හිමිකම් කියන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය දශකය ඇතුළත එරට කොටිගහනය දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි ද, ලොව කොටිගහනයෙන් 75%ක්ම ඉන්දියාවෙන් වාර්තාවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
මේ වනවිට ඉන්දියාවේ කොටිගහනය වර්ග කිලෝමීටර් 1,38,200 දක්වා ව්‍යාප්ත වී ඇති බවත්, එම භූමි ප්‍රමාණය බ්‍රිතාන්‍යයෙන් අඩකට සමාන බවත් බීබීසී පුවත් සේවය වාර්තා කළේය. මේ තත්ත්වය මත එරට කොටි දඩයම් කිරීම පාලනය කිරීමටත්, මිනිස් – වනජීවී ගැටුම් අවම කිරීමටත් ඉන්දියාවේ වනජීවී සංරක්ෂණ හා සත්ත්වවේදීන්ගේ සංවිධානවල ප්‍රමුඛත්වය ලැබිය යුතු බව සත්ත්ව විද්‍යාඥයන් අවධාරණය කර ඇතැයි ද වාර්තා වේ.
වසර 2006 සිට ඉන්දියාවේ ප්‍රාන්ත 20 තුළ ජීවත්වන කොටින්ගේ වර්ධනය සහ ව්‍යාප්තිය පිළිබඳ සෑම වසර 4කට වරක්ම අධ්‍යයනයන් සිදු කර ඇති අතර, කොටි වර්ධනය මේ වන විට 30% කින් සහ ව්‍යාප්තිය වර්ග කිලෝමීටර් 2,929කින් වැඩි වී ඇතැයි එමඟින් හෙළි වී තිබේ.