Home » “බුදු දහම රැක ගැනීම අපගේ පරම යුතුකමයි” කෘතිය මහ නාහිමිවරුන්ට පිළිගන්වයි

“බුදු දහම රැක ගැනීම අපගේ පරම යුතුකමයි” කෘතිය මහ නාහිමිවරුන්ට පිළිගන්වයි

by sachintha
February 5, 2025 2:26 am 0 comment

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයට පත්වීමෙන් පසු සිදු කරන්නට අපේක්ෂා කරන ජාතික, ආගමික, සංස්කෘතික හා සාමාජීය මෙහෙවර අඩංගු “බුදු දහම රැක ගැනීම අපගේ පරම යුතුකමයි” නමැති ග්‍රන්ථය මහනුවර ශ්‍රී නාථ දේවාලයේ හා ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක මහතා ඊයේ (04) මල්වතු මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පිළිගන්වනු ලැබීය.

මෙම වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සඳහා සුදුස්සෙකු තෝරාපත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම පැවැත්වෙන බවත් තමන් එම ඡන්දයට ඉදිරිපත් වන බව නිල වශයෙන් මල්වතු, අස්ගිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම සහ අනුනායක හිමිවරු වෙත දැනුම් දුන් බවත් බණ්ඩාරනායක මහතා කීය.

ගිහි බෞද්ධයින්ගේ ප්‍රධානියා ලෙස පිළිගැනෙන ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය ඔස්සේ සිදු කළ හැකි ජාතික, ආගමික, සංස්කෘතික හා සාමාජීය කාර්යභාරය තමන් ලිඛිතව ඉදිරිපත් කර තිබෙන බවත් එහි ඇති අකුරක් නෑර ඉටු කිරීමේ වගකීමට තමන් බැඳී සිටින බවත් ඒ මහතා පැවසුවේය.

නාථ දේවාලයේ බස්නායක නිලමේවරයා එම වැඩපිළිවෙළ සම්බන්ධව මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිවරු වන නියංගොඩ ශ්‍රී විජිතසිරි, දිඹුල්කුඹුරේ විමලධම්ම හා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි යන නාහිමිවරු ද දැනුවත් කළේය.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT