Saturday, May 10, 2025
Home » ගුවන් හමුදාපති-නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති හමුවක්

ගුවන් හමුදාපති-නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති හමුවක්

by sachintha
February 5, 2025 1:38 am 0 comment

අභිනවයෙන් පත් වූ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා පෙරේදා (03) නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවිය.

එයාර් මාර්ෂල් එදිරිසිංහ ගුවන් හමුදාපති ධුරයට පත්වීමෙන් පසු නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැතිවරයා සමඟ සිදුකළ පළමු නිල හමුව මෙය වේ.

ගුවන් හමුදාපතිවරයා ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව තමා නිහතමානී ලෙස ආඩම්බර වන බවත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් හැකියාවන් සහ උපාය මාර්ගික සූදානම ශක්තිමත් කිරීමට තමා කැපවීමෙන් කටයුතු කරන බවත්, එයාර් මාර්ෂල් එදිරිසිංහ මෙම හමුවේදී අවධාරණය කළේය. ජාතික ආරක්‍ෂාව, ආපදා ප්‍රතිචාර සහ තාක්‍ෂණික දියුණුව සඳහා ගුවන් හමුදාවේ කාර්යභාරය වැඩි දියුණු කිරීම සඳහා වූ ඔහුගේ දැක්ම ද ගුවන් හමුදාපතිවරයා මෙහිදී ඉස්මතු කරන ලදි.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT