Wednesday, March 26, 2025
Home » අඩු ආදායම්ලාභීන් දායක කරගෙන දුගී බව තුරන් කිරීමේ වැඩසටහනක් අරඹනවා

අඩු ආදායම්ලාභීන් දායක කරගෙන දුගී බව තුරන් කිරීමේ වැඩසටහනක් අරඹනවා

-නියෝජ්‍ය ඇමැති වසන්ත පියතිස්ස

by sachintha
February 5, 2025 1:43 am 0 comment

ආර්ථික ක්‍රියාවලිය සඳහා අඩු ආදායම්ලාභීන් දායක කොට දුගී බව තුරන් කිරීමේ ප්‍රජා සවිබලගැන්වීම් වැඩසටහන දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය ඇමැති වසන්ත පියතිස්ස මහතා පැවසීය.

සමෘද්ධි හා අස්වැසුම ප්‍රතිලාභීන් කප්පාදු කිරීමක් මේ යටතේ සිදු නොවන බවත්, ඒ වෙනුවට අස්වැසුම ඉල්ලා සිටින ලක්ෂ පහක පිරිසක් සඳහා ප්‍රතිලාභ ලබා දීමට සැලසුම් කොට ඇති බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා එක්ව දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන ප්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන පිළිබඳව නිලධාරීන් දැනුම්වත් කිරීම නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගිය 03දා පැවති වැඩසටහනේදී නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමති මෙසේද කීය. “නව ප්‍රතිලාභීන් බඳවා ගැනීම සහ දැනට ප්‍රතිලාභ ලබන පිරිස් පූර්ණ අධීක්ෂණයක් කරනවා. ඔවුන් රජයේ ආර්ථීක ක්‍රියාවලිය සඳහා සම්පූර්ණයෙන් දායක කර ගන්නවා. අවුරුදු පහක කාලය තුළදී පවුල් ලක්ෂ පහක් සඳහා නව අස්වැසුම ප්‍රතිලාභ හිමිවෙනවා. ලක්ෂ හතර බැගින් අවුරුදු පහක කාලය තුළදී මෙම සහනාධාර ලබා දෙනවා” යැයි ද කීවේය.

තරුෂි අධිකාරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT