Home » මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කළ යුතුයි

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කළ යුතුයි

-පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක

by sachintha
February 5, 2025 2:59 am 0 comment

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු යැයි අවධාරණය කරමින් ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයේ දී යෝජනාවක් තමා විසින් ඉදිරිපත් කරන බවත්, ජනතාවගේ අකමැත්තෙන් කිසිවක් අවශ්‍ය නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.මේ රට හදන්න නම් ඒ තීරණය ගත යුතුයි. ඒ ගොල්ලෝ ආවේ එපා කියලනේ. ඇවිල්ල අපි නැති කරනවා කියලා කියනවනං දෙයියො තමයි බලන්න ඕනෑ. ජනතාව කියන දේ තමයි අපි මේ කරන්නේ.

අපි මේ අවස්ථා උපයෝගි කරගෙන හරි දේ තමයි කරන්න ඕනෑ. මන්ත්‍රී රස්සාව කරනවා අවුරුදු පහක්. වෙන එකක් කරන්න බෑනේ. මෙතන ආදායම් හොයන්න එපා. එහෙනං දේශපාලනයට එන්න එපා. මම හිතනවා 225 ම මේකට සහාය දෙයි කියලා. අනික මං හිතන්නේ දේශපාලන වේදිකාවේ කියන එක හැබෑවට කරන්න පුළුවන් පිරිසක් ඉන්න ඕනෑ යැයි ද කීවේය.

එජාප – සජබ එකතු වෙලා මේ පාර අපි දිනනවා. මේ ගැන මටත් කැක්කුමක් තියනවා. මම තමයි රනිල් වික්‍රමසිංහ ගාවට පස්සේ ඉන්න එජාපයේ ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා. සජබයයි – එජාපයයි ගෞරවනීය ලෙස එකතු වෙන්න ඕනෑ. සජබෙ, එජාපය වගේ ම අනිත් පක්ෂ ඔක්කොම එකට එකතු කරන්න ඕනෑ. ඒක තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ යැයි ද කීවේය.

මලිඳු තෙන්නකෝන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT