Home » තරුණයාට හරයාත්මක සේවාවක් ඉටු කරන ආයතනයක් හදනවා

තරුණයාට හරයාත්මක සේවාවක් ඉටු කරන ආයතනයක් හදනවා

-ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති

by sachintha
February 5, 2025 2:04 am 0 comment

ජාතික තරුණ සේවා සභාව තරුණයාට හරයාත්මක සේවාවක් ඉටු කරන ආයතනයක් බවට පත් කරන බව එහි නව සභාපතිවරයා ලෙස වැඩ බාර ගනිමින් නීතිඥ සුපුන් විජේරත්න මහතා පැවසීය. සිය තනතුරෙහි රාජකාරී ආරම්භ කරමින් ඒ මහතා ඊයේ (04) මේ බව කීවේය.

තරුණ සේවා සභාවේ සියලු නිලධාරීන්ගේ හැකියාවන් එකතු කර ගනිමින් එම සභාව මෙරට තරුණයන්ගේ ප්‍රමුඛතම ආයතනය බවට පත් කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම මෙහිදී කීවේය.

ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙස පත් වන විට ඔහු ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස කටයුතු කරමින් සිටියේ ය. විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙක් වන නීතිඥ සුපුන් විජේරත්න, මොරටුව යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයේ සභාපතිවරයා හා කොළඹ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත.

මලිඳු තෙන්නකෝන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT