කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති, ශ්‍රී ලංකා ධර්ම චක්‍ර ළමා පදනමේ අධ්‍යක්ෂ, සාහිත්‍යසූරී ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේගේ 68 වැනි ජන්ම දිනය නිමිති කරගෙන උන්වහන්සේ විසින් රචිත ‘නූතන ථෙරී අපදාන’ කෘතිය සහ ‘ධර්ම ශාස්ත්‍ර වීමංසා’ ශාස්ත්‍රීය සංග්‍රහය එළිදැක්වීම පෙරේදා (3) උදෑසන කැලණිය මානෙල්වත්තේ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
මහාවිහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු අස්ගිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක මකුලෑවේ ශ්‍රී විමලාභිධාන නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහ සඟරුවන මෙම අවස්ථාවට වැඩම කර සිටියහ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රමුඛ මැති ඇමැතිවරුන් රැසක් ද ඊට සහභාගී වූහ.
උත්සව සභාව අමතමින් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමිපාණන් වහන්සේ, කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයන අංශයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිපාණන් වහන්සේ සහ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති, සම්මානිත මහාචාර්ය අසංග තිලකරත්න මහතා ද උත්සව සභාව ඇමතූහ.
කැලණිය – කේ.එස්. හැන්නදි