Home » විදේශිකයකුගේ ලක්ෂ 21ක් වටිනා බඩු ඉස්සූ තරුණයෙක් දැලේ

විදේශිකයකුගේ ලක්ෂ 21ක් වටිනා බඩු ඉස්සූ තරුණයෙක් දැලේ

by sachintha
February 5, 2025 1:28 am 0 comment

පෝද්දල පොලිස් වසමේ වටරක නිවෙසක ලැගුම්ගෙන සිටි විදේශිකයකුගේ රුපියල් ලක්ෂ 21ක් වටිනා භාණ්ඩ සොරකම් කළ 24 හැවිරිදි සැකකරුවකු සියලු භාණ්ඩ සමඟ පෝද්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගැනිණ.

මෙම භාණ්ඩ අතර පරිගණකයක්, අයි පෑඩ් එකක්, ඔරලෝසුවක් ඇතුළු වටිනා භාණ්ඩ රැසක් තිබී සොයාගෙන තිබේ.

මෙම විදේශිකයා මීට මාස හතරකට පෙර පැමිණ මෙම නිවෙසේ ලැගුම්ගෙන සිටි අයකු වන අතර, ඔහු නිදා සිටි අවස්ථාවේදී සැකකරු තවත් අයකු සමඟ නිවෙසට ඇතුළු වී මෙම සොරකම සිදුකොට ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අද (5) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, සොයාගත් භාණ්ඩ විදේශිකයාට භාර දී ඇත.

සීසීටීවී උපයෝගී කර ගනිමින් සැකකරු සොයාගෙන ඇති අතර, ඉතිරි සැකකරු අත්අඩංගවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.

ගාල්ල දිසා සමූහ – නන්දසිරි වැලිගමගේ, ගාල්ල උතුර සමූහ, බද්දේගම විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT