80
කළුතර නගර ශාලාව අසල පිහිටි කළුතර ළමා ක්‍රීඩාංගණය දීර්ඝ කාලයක් තිස්සේ වල්වැදී තිබූ අතර, කළුතර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පියුමාලි කුලරත්න මහත්මියගේ ඉල්ලීම මත කළුතර ඒ.එස්.බී. ෆැෂන්ස් සමූහ ව්‍යාපාරයේ සභාපතිනී ජීවන්ති පේදුරුආරච්චි මහත්මියගේ අනුග්‍රහයෙන් රුපියල් ලක්ෂ 6ක් පමණ වැය කර නවීකරණය කරන ලද එම ක්‍රීඩාංගණය නිදහස් සමරුවට සමගාමීව ඊයේ (4) දරු දැරියන් වෙනුවෙන් විවෘත කෙරිණ. එහිදී කුඩා දරුවන් වෙනුවෙන් ක්‍රීඩා රැසක් සංවිධානය කර තිබූ අතර, ඔවුන්ට තිළිණ ප්‍රදානයක් ද සිදු විය.
කළුතර මධ්‍යම සමූහ – සුනිල් ස්ටැන්ලි