Home » උකිත පද්මශාන්තගෙන් තුන් ඉරියව් දස්කම්

උකිත පද්මශාන්තගෙන් තුන් ඉරියව් දස්කම්

by sachintha
February 5, 2025 2:02 am 0 comment

උකිත පද්මශාන්තගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් කොළඹ රාජකීය හා පැල්මඬුල්ල ධර්මාලෝක මහා විද්‍යාලය අතර පැවති 13න් පහළ පාසල් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේ ජය රාජකීය විදුහල සතු විය.

රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පෙරේදා නිමාව දුටු මේ තරගයේදී දඟ පන්දු යවන යුකිත පද්මශාන්ත තරගය පුරා ලකුණු 30කට කඩුලු 7ක් දවාගත් අතර, පන්දුවට පහරදීමේදී හතරේ පහර 9ක් සමඟ ලකුණු 47ක් රැස් කළේය. රාජකීය විදුහලේ ජනූ පුපුලවත්ත ලකුණු 6කට කඩුලු 5ක් බිඳ හෙළීය.

ධර්මාලෝක මහා විදුහල් පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 83කි (ඕවර 36) කණිෂ්ක චේතන 13, අකාෂ් සත්සර 19, දෙව්සක විජේතිලක 17 (යුකිත පද්මශාන්ත 20/5, ජනූ පුපුලවත්ත 5/3)

රාජකීය විදුහල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 159 (ඕවර 37.5) ජනූ පුපුලවත්ත 14, අභිරූ වික්‍රමසේකර 14, උකිත පද්මශාන්ත 47, දක්ෂින් පෙරේරා 13, ලිසර රුවන්පතිරණ 23 (සිතිජ වන්නිආරච්චි 24/2, ඔ‍මේෂ අඹේගොඩ 37/2, පෙ‍හසර දොඩංගොඩ 15/2)

ධර්මාලෝක මහා විද්‍යාලය දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 47 (ඕවර 23) කනිෂ්ක චේතන 15, මෙත්සිලු ගම‍ගේ 10 (යුකිත පද්මශාන්ත 10/2, දක්ෂින් පෙ‍රේරා 7/2, ජනූ පුපුලවත්ත 1/2).

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT