කොළඹ 8 කේරි විදුහල සහ ජාඇළ ක්රිස්තුරාජ විදුහල අතර මංගල මහා ක්රිකට් තරගය ‘කිරුළු සටන’ තරගය හඳුන්වාදීමේ උත්සවය පසුගියදා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.
වසර 110ක ඉතිහාසයක් ඇති කේරි විදුහලත් වසර 81ක ඉතිහාසයකට උරුමකම් කියන ක්රිස්තුරාජ විදුහලත් කීර්තිමත් මිෂනාරි විදුහල් ලෙස ප්රකටය. පාසල් දෙක අතර මිත්රත්වයේ සටන ලෙස පැවැත්වෙන ‘කිරුළු සටන’ මහා ක්රිකට් තරගය විදුහල් දෙකෙහි ප්රථම මංගල තරග ද වෙයි. මෙහි පළමු තරගය එළඹෙන මැයි මස 2 හා 3 දෙදින කොළඹ ඕවල් ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර, ඊට සමඟාමීව පැවැත්වෙන එක්දින තරගය මැයි මස 10 වැනිදා මොරටුව ද සොයිසා ක්රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
කේරි විදුහල් ක්රිකට් කණ්ඩායමේ නායකත්වය දිනෝද් ගාල්ලගේ දරන අතර, සංජීව නන්දන මහතා එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි. ක්රිස්තුරාජ විදුහල් පිල ප්රමෝද් චතුරංගගේ නායකත්වයෙන් සහ අශාන් ප්රනාන්දු මහතා පුහුණුකාරිත්වයෙන් තරගයට එක් වෙයි. මංගල මහා ’කිරුළු සටන’ ක්රිකට් තරගය හඳුන්වා දුන් අවස්ථාවට කේරි විදුහලේ විදුහල්පති හේෂාන් ඩී. සිල්වා පියතුමන්, ක්රිස්තුරාජ විදුහලේ විදුහල්පති නිහාල් රොද්රිගු පියතුමන් විදුහල් ද්විත්වයේ ක්රීඩා භාර ආචාර්යවරුන් වන හේෂාන් ඩේවිඩ් සහ උපුල් බස්නායක යන මහත්වරුන් ද එක්ව සිටියහ.
ජාඇළ සමූහ – ප්රසංග පෙරේරා