Home » ගම්පහ සිරිකුරුස බාලිකාවට බැඩ්මින්ටන් ශූරතාවක්

ගම්පහ සිරිකුරුස බාලිකාවට බැඩ්මින්ටන් ශූරතාවක්

by sachintha
February 5, 2025 1:03 am 0 comment

ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කළ සමස්ත ලංකා අන්තර් පාසල් අවුරුදු 11න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් තරගාවලියේ ‘සී‘ කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට ගම්පහ සිරිකුරුස බාලිකා විදුහල් ක්‍රීඩිකාවෝ සමත් වූහ.

කොළඹ සුගතදාස බැඩ්මින්ටන් ක්‍රීඩා සංකීර්ණයේ පැවති තරගාවලියේදී කොළඹ කාන්තා විදුහල් පිල වට 3-1කින් පරාජය කරමින් ශූරතාව දිනාගත් සිරිකුරුස බාලිකාවෝ ඉන් පෙර තරගයේදී කෑගල්ල සාන්ත ජෝසප් බාලිකා විදුහල වට 3-0කින් පරාජය කළේය.

විදුහල්පතිනි මේරි නුවන්ති කන්‍යා සොයුරියගේ උපදෙස් පරිදි විදුහල් බැඩ්මින්ටන් කණ්ඩායම් භාර ආචාරිනී පුෂ්පා පෙරේරා මහත්මියගේ හා ප්‍රධාන ක්‍රීඩා පුහුණුකරු මහේෂ් ඒකනායක මහතාගේ මඟ පෙන්වීම යටතේ මේ ජයග්‍රහණය ලබා ඇත.

ජයග්‍රාහී කණ්ඩායමේ නායිකාව ලෙස බුමේෂා කුමාරසිංහ ද උප නායිකාව ලෙස ශෙරුනි ප්‍රනාන්දු ද කටයුතු කළහ.

 

ගම්පහ දිස්ත්‍රික් විශේෂ සිසිල ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT