Home » ආරක්ෂක සේවා ස්කොෂ් ශූරතාව ගුවන් හමුදාවට

ආරක්ෂක සේවා ස්කොෂ් ශූරතාව ගුවන් හමුදාවට

by sachintha
February 5, 2025 1:03 am 0 comment

ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය 13 වැනි වරට සංවිධාන කළ ආරක්ෂක සේවා ස්කොෂ් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය.

ගුවන් හමුදාව මේ තරගාවලියේ ශූරතාව දිනාගත් සිවුවැනි අවස්ථාව මෙයයි

යුද හමුදා ස්කොෂ් ක්‍රීඩා සංකීර්ණයේදී මේ තරගාවලිය පැවති අතර, ජයග්‍රාහී ගුවන් හමුදා කණ්ඩායමට ස්කොඩ්‍රන් ලීඩර් ත්‍රිමාවිතාණ, කෝප්‍රල් ද සිල්වා, නායක ගුවන් භට උෂාමා, නායක ගුවන් භට එදිරිසිංහ, ගුවන් භට උදන්ත, ගුවන් භට හකීම් සහ ගුවන් භට රන්දින එක්ව සිටියහ.

තරගාවලියේ ජය සංකේත ප්‍රදානය යුද හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්, ප්‍රධාන මාණ්ඩලික හා යුද හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බළකාධිපති මේජර් ජෙනරාල් දිනේෂ් උඩුගම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT