Sunday, May 11, 2025
Home » ලොව බලවත්ම හමුදා දර්ශකය නිකුත් කෙරේ

ලොව බලවත්ම හමුදා දර්ශකය නිකුත් කෙරේ

by chanaka
February 6, 2025 12:18 pm 0 comment

මිනිස් බලය, උපකරණ සහ මූල්‍යමය වශයෙන් ලෝක සන්නද්ධ හමුදා තක්සේරුවට ලක් කරන නවතම දර්ශකයේ අමෙරිකාව නැවත වරක් පළමු ස්ථානයට පත්වූ බව Global Firepower Index 2025 වාර්තාව සඳහන් කරයි.

රටවල් 145ක් ඇතුළත් එම දර්ශකයේ දෙවැනි ස්ථානය රුසියාවට සහ තුන්වැනි ස්ථානය චීනයට හිමි වී ඇති අතර, දකුණු ආසියාවේ බලවත්ම හමුදාව ලෙස ඉන්දියාව එම දර්ශකයේ සිවුවැනි තැනට පත්වූ බව අදාල වාර්තා​ව වැඩිදුරටත් වාර්තා කරයි.

දකුණු කොරියාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජපානය, තුර්කිය සහ ඉතාලිය පිළිවෙළින් පස්වැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා ලැයිස්තුගත කර ඇතැයි ද වාර්තා වේ.

මීට පෙර 9 වැනි ස්ථානයේ පසුවූ පාකිස්තානයට මෙවර දර්ශකයේ 12 වැනි තැන හිමිවී ඇති බවත්, බංග්ලාදේශය 35 වැනි ස්ථානයේ සහ ශ්‍රී ලංකාව 69 වැනි ස්ථානයේ පසුවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගාසා යුදගැටුම්වලට මැදි වී සිටින ඊශ්‍රායලය 15 වැනි ස්ථානයේ පසුවන අතර, ඉරානයට 16 වැනි ස්ථානයත්, රුසියාව සමඟ යුද්ධයට පැටලී සිටින යුක්‍රේනයට 20 වැනි ස්ථානයත් ලැබී ඇති අතර, ලෙබනනය 115 වැනි ස්ථානයේ සහ ඇෆ්ගනිස්තානය 118 වැනි ස්ථානයේ පසුවන බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT